"බල්ලගේ වැඩේ බූරුවා කලාම ඔහොම තමයි." ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙනවා

"බල්ලගේ වැඩේ බූරුවා කලාම ඔහොම තමයි." ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙනවා

යහපාලන ආණ්ඩුව හරහා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙන බවට තමන්ට පැවැසීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුද වන අර්ජුන රණතුංග මහතා පවසයි. ඉරිදා ලංකාදීප පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි. වැරදි පුද්ගලයින් ක්‍රිකට් ආයතනය තුළට පැමිණීම මේ සඳහා හේතුව බවත් අනාගතයේදී තමන් ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඔසවා තැබීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරයි.

දැන් ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බඩ. 96 ලෝක කුසලානය දිනන කොට අර්ජුන්ටත් බඩක් තිබුණනේ.

ක්‍රීඩකයින්ගේ “ෆිට්නස්” තියෙන්න ඕනෑ. ඒ ඒ ක්‍රීඩාවට අනුව පිට්ටනියේ රවුම් විස්සක් පුලුවන් කෙනෙකුට ඕවර් පහක් දාන්න බරිවෙන්න පුලුවන්. තව ක්‍රීඩකයෝ ඉන්නවා රවුම් පහක් දුවාගන්න බෑ. ඒත් ඕවර් විස්සක් බෝල කරන්න පුලුවන්. කිසිම ‘ඉන්ජරි ‘ එකක් නෑ. බැට් කරද්දිත් එහෙමයි.රවුම් විස්සක් දුවන සමහරු ඕවරු කීපෙකට වැඩිය ඉන්න බැ. රවුම් පහක් දුවන්න අමාරු දවස හමාර එකදිගට බැට් කරනවා. ‘ෆිට්නස්’ කියන්නේ වෙන් කාරණයක් වෙනත් ක්‍රීඩාවලට වඩා ක්‍රිකට්වල ෆිට්නස් වෙනස් . මේක තේරුම් ගන්න ඕනෑ.

බල්ලගේ වැඩ් බූරුවා කරන්න පටං ගත්තු නිසා තමයි මේවා අද පටලවාගෙන තියෙන්නේ. අද ක්‍රිකට්වලට මේ ඉරණම අත්වෙන්න ප්‍රධාන හේතුව මේක. වැරදි පුද්ගලයො ක්‍රිකට් වලට රිංගපු එකෙන් ක්‍රීඩාවයි පල්ලම් බැහැලි තිවෙන්නේ. අද අපේ පුහුණුවීම් කෙරෙන්නේ පිට රට කරන දේවල් බලාගෙන. කොටින්ම අපේ රටේ සංස්කෘතියට අදාල ක්‍රිකට් ක්‍රීඩාව අද වෙනස් වෙලා. ක්‍රීඩකයින්ගෙ විනය, හැසිරීම, විලාසිතා අද ප්‍රශ්නයක් වෙලා.

මම මේවා ගැන හරියට හිතනවා. මම පරණ කෙනෙක් නිසා එහෙම වෙනවා ඇති. ඒත් සමහර රටවල් ඒ රටවල්වල සංස්කෘතියට පටහැනි දේවල් ක්‍රිකට් වලට ගේන්නේ නෑ. රටේ අනන්‍යතාවය ක්‍රිකට්වලිනුත් පේන්න ඕනෑ. ක්‍රීඩකයා දැනගන්න ඕනෑ ක්‍රීඩා කමන්න , පරිපාලනය දැනගන්න ඕනෑ පරිපාලනපය කරන්න. අද ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතාකරන්නේ සභාපති . පළපුරුදු ක්‍රීඩකයෝ ඔහේ බලාගෙන ඉන්නවා. පරිපාලනය ගැන පරිපාලකයින්ට වගක් නැහැ. ඒකයි මම කිව්වෙ බල්ලගෙ වැඩේ බූරුව කරන තත්වයක් කියලා.

අනෙක් රටවල් බඩවල් හෝ ‘ෆිට්නස්’ මේ තරම් ප්‍රශ්නයක් කර ගන්නවාද? උස මහත හාදයො වෙන ටීම්වලත් ඉන්නවා.

මේවා රටවල ක්‍රීඩකයෝ තමන්ගේ වැඩේ කරනවා. පාලකයෝ පරිපාලනය කරනවා. පුහුණුකරුවො ක්‍රීඩකයින්ට පුහුණුවීම් කරනවා. අනුන්ගෙ ජොබ් එක බදාගන්න යන්නෙ නෑ ඒ අය ඒක නිසා මේ වගේ ප්‍රශ්න නෑ ඒ රටවල් වල . මැච් දිනන පරදින එක ක්‍රීඩකයින්ගේ දක්ෂතා අඩු වැ‘ඩිවෙන එක කොයි රටවලත් තියෙන ප්‍රශ්න. ඒවා කළමණාකරණය කර ගන්න ඕනෑ තමන්ට අදාල ජොබ් එක කරලා මිසක් ක්‍රීඩා ඇමැති ක්‍රීඩකයින්ගේ බඩ අඩුකරන්න යෑමෙන් නෙමෙයි. ඒ ජොබ් එකට අදාල පිරිසක් වෙනම ඉන්නවානේ. අපි මේ රටේ ක්‍රීකට් ක්‍රීඩාව යම් තැනකට ගෙනාවා. අපිට කලින් ඉදපු අයගෙ උදව්වත් එකට හේතු වුණා. අද මොවනද වෙන්නෙ කියලා හිතාගන්න බෑ.

ඔය වගේම කතාවක් නෙවෙයිද ලසිත් මාලිංගත් අර ගිරව් එළියෙ ඉද්දි රිළව් බෙනේ ඉන්නවා කියන කතාවෙන් කියන්න හැදුවෙ?

ලසිත් මාලංගගේ කථාවලින් නම් මට වැඩක් නෑ. මම කියන්නේ කොයි රිලවත් ගිරවත් තමන්ගේ වැඩේ කළානම් ඉවරයි. රට ඉස්සරහට තියලා ක්‍රිකට් ගහන එක තමයි වැදගත්. වාර්තා බලාගෙන ක්‍රිකට් ගහන්න අපි ගියේ නෑ. අපිට ඕනෑ වුනේ තරග දිනන්න . මම තමයි පළවෙනි වතාවට මේ රටට ලෝක කුසලානය ගේන්න නායකත්වය දුන්නේ. මට ඒක ඇති . ඕනෑම ක්‍රීඩකයෙක් නම ඉතුරුවෙන තාලෙට ක්‍රීඩා කරන එකයි වැදගත්. අයි.පී.එල්. ගහද්දී හොඳට ගහන්නයි අනෙක් තරගවලදී බැරිවෙන්නයි විදිහක් නෑනේ. අයි. පී.එල්. ඇත්තටම අපේ ක්‍රිකට් වලට කරන බලපෑමක් කළා. ක්‍රිකට් බිස්නස් එකක් කරගෙන ඉන්න අය එක්ක මේ රටේ ක්‍රිකට් උස්සන්න බෑ.

ඒ කියන්නේ අද පිලත් පිළ් බෙදිලා?

හරියටම හරි , අද ටීම් එකේ එක්කෙනෙකුට එක්කෙනෙක් නෑ. කල්ලි ගැහිලා අපි නම් කවුරු හරි ක්‍රීඩකයෙක් දුර්වල වෙද්දී එයත් ඇදගෙන යන්නයි බැලුවෙ.

ඔබ කිව්වට ඔබලා රට ගැන මිසක් සල්ලි ගැන හිතුවෙම නෑ කියලා කථාවක් තිබුණා නේද? ඔබත් එක්ක ගහපු සමහරුන්ට කාර් එකක් එහෙම පෙන්නුවම එදාට හෝ ගාලා හයේ හතරේ ඒවා වදිනවා කියලා.

ඔය වගේ එක එක කතා තිබුණට ඒ ක්‍රීඩකයෝ තරග දිනවන්න ක්‍රීඩා කරලා තියෙන විදිය බලන්නකෝ .මේ අය එකතුවෙලා වර්ල්ඩ් කප් එකත් දිනුවනේ. තාම ඒක ඊට පස්සේ අයට කරගන්න බැරි උණානේ. පෞද්ගලිකව ලෝක වාර්තා තියපු ක්‍රීඩකයෝ ඕනෑ තරම් ඉන්නවා.ඒත් රට වෙනුවෙන් කුසලානයක් ගේන එකයි වැදගත්.

1996 ලෝක කුසලානය දිනපු ටීම් එකේ බොහෝ දෙනෙක් අද ලංකාවේ ක්‍රිකට් එක්ක සෘජුවම සම්බන්ධයි. ඔබයි පැත්තට වෙලා ඉන්නෙ ඇයි. එහෙම වුණේ.?

මම වැරදි පුද්ගලයො එක්ක වාඩිවෙන්න සූදානම් කෙනෙක් නෙමෙයි. මම මුදලට නැමෙන මිනිහෙක් නෙමෙයි. ක්‍රිකට් බිස්නස් එකක් කරගත්තු අය එක්ක මට ගණුදෙනුවක් නෑ. අද වෙනකොට අරවින්ද සිල්වත් අයින් වෙලා.

යහපාලන ආණ්ඩුව ගේනන දරදිය ඇදපු ප්‍රධාන කොටස්කාරයෙක් වෙච්ච අර්ජුනට ක්‍රීඩා ඇමැතිකම ලැබුණෙ නැති දුකද මේ?

අපෝ නෑ. මගෙන් ජනාධිපතිතුමා ඇහුවා ක්‍රීඩා ඇමතිකම ඕනෑද කියලා. මමයි ඒක ප්‍රතික්ෂේප කළේ. මොකද ගොඩක් දෙනෙක් හිතුවෙ මම ක්‍රීඩා ඇමතිකම බලාගෙන තමයි දේශපාලනයට ආවේ කියලා. මම බලාපොරොත්තු වු‍ණේ වෙන ඇමතිකමක් කරන අතරෙ ක්‍රිකට් පරිපාලනයට හවුල් වෙලා ක්‍රිකට් ගොඩ දාන්න. ගාමිණී දිසානායක මහත්තයා කළේ ඒ වගේ දෙයක්. යහපාලන ආණ්ඩුවෙ හොද දේවල් වගේම වැරදි දේවලුත් සිද්ධ වුණා. ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව එකක්. යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රිකට් ක්‍රීඩාව නම් විනාශ කරනවා කියලා මට කියන්න වෙනවා. මේක සැලසුම්සහගතව සිද්ධ වෙන දෙයක් ද දන්නේ නෑ.

lankaflix

fox final 0728 mirror