ඕස්ට්‍රේලියානු ක‍්‍රිකට් දෙදරයි. සංචාර සියල්ල වර්ජනය කිරීමට සැරසෙයි

ඕස්ට්‍රේලියානු ක‍්‍රිකට් දෙදරයි. සංචාර සියල්ල වර්ජනය කිරීමට සැරසෙයි

නව වැටුප් ක්‍රමය සහ ඒ හා සම්බන්ධ කොන්දේසිවලට එකඟවීම සඳහා ලබා දී තිබුණු අවසාන කාල නියමයට පෙර අත්සන් නොතැබීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉහළම පෙළේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ “රැකියා විරහිතයන්” බවට පත් වී සිටිති.

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ රටේ ප්‍රධානම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මීට කලින් පැවති ගිවිසුමේ වලංගු කාලය පසුගිය සිකුරාදා අවසන් වූ අතර ඉන් අනතුරුව අලුත් ගිවිසුමකට එලබීමට දෙපාර්ශවය අපොහොසත් වී තිබේ.

ක්‍රීඩකයන් ගිවිසුමට අත්සන් නොතැබීම හේතුවෙන් ඔවුන්ගේ වැටුප් ගෙවීම පිණිස වෙන් කර තිබුණු මුදල් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් යොදවන බව පාලක මණ්ඩලය පවසයි.

තරග දෙකකින් යුත් දකුණු අප්‍රිකානු සංචාරයේ පළමු තරගය ජුලි 12 වෙනි දින ආරම්භවීමට නියමිත අතර ගැටුම ඉක්මනින් නිමාවට පත්නොවුනහොත් ලබන ශීත සෘතුවේ අළු බඳුන තරගාවලිය පැවැත්වීම ද අවිනිශ්චිත තත්වයකට පත්වේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආදායමෙන් ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන්ට හිමි වන වගන්තියක් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුවලින් ඉවත් කිරීමට පාලක මණ්ඩලය උත්සාහ දැරීම මේ මත ගැටුමට හේතු වී තිබේ.

ඒ වෙනුවට ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට දැනට වඩා වැඩි වැටුපක් ගෙවීමට පාලක මණ්ඩලය යෝජනා කරයි.

මත ගැටුම රටේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් 200 කට පමණ බලපා තිබේ.

lankaflix

fox final 0728 mirror