කඩුලු 6ක් දවාගෙන යෝකර් පන්දුවේ රජු සමුගන්න සැරසේ?

කඩුලු 6ක් දවාගෙන යෝකර් පන්දුවේ රජු සමුගන්න සැරසේ?

සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින තරඟ දිවියේ කඩුලු 300ක් ලබාගැනීමෙන් අනතුරුව සිය එක්දින ජාත්‍යන්තර තරඟ දිවියට සමුදීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වනවා.

එක්දින ජාත්‍යන්තර තරඟ 194ක් ක්‍රීඩා කොට ඇති මාලිංග එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාඇති කඩුලු සංඛයාව 294කි.

ඒ අනුව ඔහුට කඩුලු 300ක් ලබාගැනීමට තවත් අවශ්‍ය වන්නේ කඩුලු 6කි.

මෙම කඩයිම පසු කිරීමෙන් පසු මාලිංග සිය එක්දින තරඟ දිවියට සමුදීමට සූදානමන ඇති බව පැවසේ.

ලබන 30 වනදා සිම්බාබ්වේ කණ්ඩායම සමගින් ආරම්භ වන එක්දින තරඟාවලියට මාලිංග නම්කොට ඇති අතර එහිදී ඔහු කඩුලු 6ක් දවා කඩුලු 300 සීමාව පසුකලහොත් බොහෝ විට මාලිංගගේ අවසන් එක්දින තරඟාවලිය මෙය වනු ඇති බව වාර්තාවෙයි.

පසුගියදා ක්‍රිකට් ආයතනය සමග ඇතිවූ අර්බුදය හේතුවෙන් මාලිංග දැඩි කලකිරීමෙන් සිටින බවද එම ආරංචි මාර්ග තහවුරු කළේය.

මීට පෙර ඔහු පවසා තිබුණේ තමා 2019 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට සූදානම් බවය.

lankaflix

fox final 0728 mirror