චන්දි සංචිතයෙන් විසිවුණු හේතුව මෙන්න

චන්දි සංචිතයෙන් විසිවුණු හේතුව මෙන්න

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින තරඟාවලියේ පළමු තරඟ දෙක සඳහා නම් කල ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුතු සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් කර ඇති අතර නවක ක්‍රීඩකයකු වන වනිදු හසරංග පළමු වරට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයකට කැඳවා ඇත.

ඊයේ සංචිතය ප්‍රකාශයට පත්කිරීමේ හමුවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ පවසා ඇත්තේ චන්දිමාල්ට ඉවත්වීමට සිදු වුයේ නවක ක්‍රීඩකයන්ගේ පැමිණීම නිසා බවයි.

“අපි මේ සංචිතය නම් කරලා තියෙන්නේ පලවෙනි තරඟ දෙකට විතරයි.අපි ඊළඟ තරඟ 3 ට ක්‍රීඩා කරන්නේ කවුද කියල තීරණය කරලා නෑ.අපි බලන්නේ ඒ තරඟ තුනට වෙනස් සංචිතයක් දාන්න.

අපි මේ වෙලාවේ හිතන්නේ නෑ,අලුත් අය 4-5 එක පාර කණ්ඩායමේ ඉන්න ඕන කියල.දනුෂ්ක චැම්පියන්ස් කුසලානය හොඳට කළා,තරඟ තහනමෙන් පස්සේ ඇවිත් ඉන්නේ ඒ දේවල් එක්ක චන්දිමාල්ගේ තැන අලුත් ක්‍රීඩකයෙකුට දෙන්න වුනා.මේ සංචිතයේ නැති වුනා කියන්නේ අපි චන්දිමාල් අත්හරිනවා කියන එක නෙවෙයි.”

නවක ක්‍රීඩක වනිඳු හසරංග කණ්ඩායමට පැමිණීම පිළිබඳවද ගුරුසිංහ අදහස් දක්වා ඇත.

“වනිඳු කියන්නේ හොඳ ක්‍රීඩකයෙක්.ඔහු මේ කාලයේ ලංකාවේ ඉන්න දක්ෂතම පන්දු රකින්නෙක්.ඒ වගේම හොඳ පිතිකරුවෙක්.පා දඟ පන්දු යවන්නෙක් විදියටත් එයාගෙන් ලොකු දෙයක් ගන්න පුළුවන් වෙයි.”

lankaflix

fox final 0728 mirror