චන්දිමාල්ගේ අසාර්ථකත්වයට හේතුව සංගා හෙළිකරයි

චන්දිමාල්ගේ අසාර්ථකත්වයට හේතුව සංගා හෙළිකරයි

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟ තරඟය ජයග්‍රහණය කල ආකාරය බලන විට කණ්ඩායමේ යම් ප්‍රගතියක් දක්නට ලැබුනද ශ්‍රී ලංකාව කණ්ඩායමක් ලෙස එකතු වී යලි ගොඩනැගීමට ගත් කාලය වැඩි බව කුමාර සංගක්කාර පවසයි.

“චන්දිමාල් කියන්නේ අපිට ඉන්න හොඳම පිතිකරුවෙක්,බලන්න මේ වෙද්දී ඔහුගේ නමට අන්තර්ජාතික ශතක 12 ක් තියනවා,ජාත්‍යන්තර පිටියෙත් ඒ වගේ තැනක ඉන්න තරුණ පිතිකරුවෝ කිහිප දෙනයි ඉන්නේ.”

“චන්දිමාල්ගේ හැකියාව ගැන කිසිම ප්‍රශ්නයක් නෑ,එත් ඔහුට අවශ්‍ය විස්වාසය කණ්ඩායම තුල නිර්මාණය වීමේ පසුබිමක් නම් තාම පෙන්නේ නෑ”

ප්‍රබල ක්‍රීඩකයන් ඉවත්වීමේ තත්වයට මුහුණ දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් නොවන බවද සංගා පවසයි.

“මහේල,ඩිල්ශාන් සහ මම සමු අරගෙන දැන් අවුරුදු දෙකහමාරකටත් වැඩියි,දැන් කණ්ඩායමක් විදියට නැගිටින්න ගත්ත කාලය හොඳටම වැඩියි.අනික අපි විතරක් නෙවෙයි මේ තත්වයට පත් වුනේ,ඕස්ට්‍රේලියාවේ වගේ රටක එක පාර අත්දැකීම් තියන ක්‍රීඩකයෝ ඔක්කොම සමු ගත්ත,එංගලන්තය වුනත් පහුගිය ලෝක කුසලානෙට පස්සේ ලොකු වෙනසක් කළා හැබැයි දැන් ඒ රටවල තරුණ ක්‍රීඩකයෝ එකතු වෙලා හොඳ තැනක ඉන්නවා.’

ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ගොඩනැගීමේ කාලය වැඩි වීමේ වගකීම ක්‍රිකට් බලධාරීන් හටද පැවරෙන බව සංගා පවසයි.

“කණ්ඩායමෙන් සමුගන්න ක්‍රීඩකයන් සුදානම් වෙද්දී ඒ හිස්තැන් පුරවන්න ක්‍රීඩකයෝ සොයාගන්න ඕන.චන්දිමාල් වගේ ක්‍රීඩකයෙක් කලින්ම සොයාගත්තා තමයි.ඔහු එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල හොඳට කලේ ඔහුගේ මුල් කාලෙමයි,

හැබැයි එහෙම හොයාගත්ත ක්‍රීඩකයට නායකත්වයේ වගකීම දීල අසාර්ථක වෙද්දී ඔහු කණ්ඩායමෙනුත් අයින් කලා.අනික ඔහුට පිතිකරණ ස්ථානයක ස්ථාවර වෙන්න අවසථාවක් දුන්නෙම නෑ.එහෙම වුනාම කොයිතරම් හැකියාවක් තියන ක්‍රීඩකයෙක් වුනත් මානසිකව වැටෙනවා.ඔහුගේ දක්ෂතාවය හඳුනා ගෙන ඔහුට අවශ්‍ය අවස්ථාව නියම විදියට දෙන්නේ නැතුව කොහොමද හොඳ ක්‍රීඩකයෙක් හැදෙයි කියල හිතන්නේ.”

lankaflix

fox final 0728 mirror