"සංගා කියන්නේ රජෙක්"– විශිෂ්ට ජයෙන් පසු මැතිව්ස් කිව්ව අපූරු කතාව

"සංගා කියන්නේ රජෙක්"– විශිෂ්ට ජයෙන් පසු මැතිව්ස් කිව්ව අපූරු කතාව

චැමිපියන් ලීග් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එම ජයග‍්‍රහණයෙන් අනතුරුව නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත පවසා සිටියේ මෙන්ඩිස් ගේ දනුෂ්කගේ පිතහරඹය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ආ බවයි.

“තරගය පටන් ගන්න කලින් අපි කිව්වා ලොකු පීඩනයක් දාගන්න එපා කියල. කණ්ඩායමට මොකද අපි දන්නවා අපි ක‍්‍රීඩා කරන්නේ ප‍්‍රබල ඉන්දියානු කණ්ඩායමත් එක්ක කියල.ඔවුන්ට ප‍්‍රබල පන්දුයවන්නන් ඉන්නවා.නමුත් අපි හිතුවා අපිට කරන්න පුලුවන් දේ අපි කරමු කියල..තනතීරුව කොල පැහැයෙන් තිබුණ නිසා ටොස් එක දිනල අපි හිතුව මුලින් පන්දුයැව්වොත් හොදයි කියල. නමුත් හිතුවට වඩා තණතිල්ල හොදට පිතිකරුවන් යෝග්‍ය වුනා.

පන්දුයවල ආවට පස්සෙ මම පිතිකරුවන්ට කිව්වා හදිසි වෙන්න එපා..320ක් බෝඩ් එකේ තිබ්බට අපි හොද ස්ටාට් එකක් ගමු. 30හේ 40 ඒව ගහන්නෙ නැතුව 70ක් 80ක් ගහන්න කියල තමයි කිව්වෙ.. දනුෂ්ක හා කුසල් මෙන්ඩිස් ඒ අඩිතාලම ලබා දුන්නා මැද පෙළ පිතිකරුවන්ට..පස්සේ අසේලගේ හා කුසල්ගෙ ඉනිම් දෙකෙන් අපි තරගය ජය ගත්තා..”

එහිදී කුසල් -සංගක්කාර හමුවීම පිළිබදවත් මැතිව්ස් අදහස් ප‍්‍රකාශ කර සිටියා.

“සංග කුසල්ට ගොඩක් උපදෙස් දීල තිබුනා කොහොමද බැට් කරන්න ඔ්න කියල..සංග කියන්නේ රජෙක් ….ඔහු ගොඩක් දන්නවා එංගලන්තයේ තණතිල ගැන..අපි හැමවෙලාවෙම ඔහුගෙන් අවවාද ගන්නවා”

lankaflix

fox final 0728 mirror