තරංග කණ්ඩායම ගැන විශේෂ දෙයක් කියයි

තරංග කණ්ඩායම ගැන විශේෂ දෙයක් කියයි

සංචාරක බංග්ලාදේශ පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (25) දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

දෙපිලම ඊයේ (24) පස්වරුවේ රංගිරි දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසිවලට සහභාගි විය. බංග්ලාදේශ පිල ඊයේ රාත‍්‍රී විදුලි අලෝකය මධ්‍යයේ පුහුණු සැසිය අවසන් කළේය.

ශ‍්‍රී ලංකා පිල පෙරේදා (23) රාත‍්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පුහුණු සැසියට සහභාගි වී තිබුණි.

ශ‍්‍රී ලංකා පිලේ නායක උපුල් තරංග ඊයේ පස්වරුවේ මධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ මෙම එක්දින තරගාවලියට ජය ලැබීමට තම කණ්ඩායම සියලූම අංශවලින් සූදානමින් සිටින බවයි.

එහිදී උපුල් තරංග වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

”අවසන් ටෙස්ට් තරගයේ පරාජය පිළිබදව කණගාටුවට පත්වෙනවා. මෙම තරගාවලියට හොද ශක්තියකින් මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා. අපිට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කීපදෙනෙක් නෑ තමයි, ඒත් දක්‍ෂ තරුණ ක‍්‍රීඩකයන් රැසක් ඉන්නවා”

”මෙම තරගාවලිය ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට පෙර සහභාගි වන අවසන් තරාවලිය වීම නිසා සියලූ තරග වැදගත් වෙලා තියෙනවා. දකුණු අප‍්‍රිකානු සංචාරය ද අපිට හොදට කරන්න බැරි වුණා. කණ්ඩායම හො`ද සූදානමකින් ඉන්නවා.

ටෙස්ට් තරගයේ පරාජයෙන් පසුව අපි පුහුණු සැසි හතරකට සහභාගි වුණා. එහිදී විශේෂයෙන්ම පන්දු රැුකීම පිළිබ`දව හො`ද අවධානයක් යොමු කළා”
”අපේ කණ්ඩායමට නවක ක‍්‍රීඩකයන් වගේම තිසර, සීකුගේ වගේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයොත් ඇවිත් ඉන්නවා. මෙම තරගාවලිය ජය ගන්න සියලූම දෙනා සූදාමින් ඉන්නවා. අපි අංශ තුනේම ශ්‍රේණිගත කිරීමේ පහළ ඉන්නේ. ඒ නිසා කෙසේ හෝ එය ඉහළට නැංවිය යුතුයි”

”තිසර පෙරේරා නැවතත් කණ්ඩායමට පැමිණීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඔහු පහුගිය කාළේ දස්කම් අතර සිටියේ නෑ. නමුත් අපි දන්නවා ඔහු පිටියේ සිටියොත් තරගයක් වෙනස් කරන්න පුළුවන් කියලා”

ධනුෂ්ක ගුණතිලක සහ නායක උපුල් තරංග මෙම තරගයේදී ශ‍්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතය.

කුසල් පෙරේරා කොළඹදී පැවැති පුහුණු තරගයේදී මස්පිඩු පෙරළීමේ ආබාධයකට ලක්වීම නිසා පළමු තරග දෙකම අහිමිවිය.

ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේ සේවය මෙම තරගයේදී අහිමිවීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් බවට පත්ව තිබේ.

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ගීලෝන්ග් නුවරදී පසුගිය මස පැවැති දෙවැනි විසස්යි20 තරගයේදී විනිසුරු තීරණයට ප‍්‍රතිචාර දැක්වීමෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නිරෝෂන් දික්වැල්ලට සීමිත ඕවර තරග දෙකක් තහනම් කළ අතර එහි දෙවැනි තරගය මෙය වේ.

නිරෝෂන් දික්වැල්ල සහ කුසල් පෙරේරා අහිමිවීම පිළිබදව තරංග මෙසේ පැවසීය.

”දික්වැල්ල මේ තරගයට නෑ කියලා අපි කලින්ම දැනගෙන හිටියා. නමුත් ඔහු නැතිවීම පාඩුවක්. කුසල් නැවතත් සංචිතයට පැමිණියත් අවාසනාවකට ආබාධයකට ලක්වුණා”

බංග්ලාදේශ එක්දින පිලේ නායක මෂ්රාෆි මොර්ටාෂා ඊයේ පුහුණු සැසියට පෙර මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ ටෙස්ට් තරග ජයග‍්‍රහණය එක්දින තරගාවලියට හොද ශක්තියක් බවට පත්විය හැකි බවයි.

”ටෙස්ට් තරගවලට සහභාගි වූ ක‍්‍රීඩකයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් එක්දින තරගාවලියටත් සහභාගි වෙනවා. ඒක උදව්වක් වෙයි එක්දින තරගාවලියේ දස්කම් දක්වන්න. පසුගිය මාස තුනේදී අපි ටෙස්ට් විතරයි ක‍්‍රීඩා කරලා තියෙන්නේ. ඒ කාලයේදී තරග පහක් ක‍්‍රීඩා කරලා තියෙනවා”

”රතු පන්දුවේ සිට සුදු පන්දුවට මාරු වෙන්න ඕනේ. මෙම තරගාවලියේදී දැඩි අවධානයෙන් ක‍්‍රීඩා කරන්න ඕනේ. අපේ රටේ නොවෙයි ක‍්‍රීඩා කරන්නේ. අවසන් වරට නවසීලන්තයට එරෙහිව සහභාගි වූ එක්දින තරග තුනම පරාජයට පත්වුණා. මෙම තරගාවලියට ඊට වඩා වෙනස් අභියෝගයක්”
”අපේ පිතිකරුවෝ ලකුණු අතර ඉන්නවා. එක්දින තරගාවලිය ජය ලබන්න එය හොද දෙයක්. එක්දින තරගාවලියේදී පන්දුවට පහරදීම, පන්දු යැවීම ඇතුඵ සියලූම අංශ හොදින් කළ යුතුයි.

”ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ විශේෂයෙන් එක්දින තරගවලදී වඩාත් හොදයි. ඒ හේතුවෙන් පන්දුවට පහරදීම ගැන දැඩි අවධානය යොමු කළ යුතුයි.

මෙම තරගය සදහා ඊයේ පස්වරුව වන විට සකස් කර තිබූ තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය විය හැකි බව ක‍්‍රීඩාංගණ නිලධාරියකු පැවසීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පැවැති එක්දින තරග 38 න් ශ්‍රී ලංකාව තරග 33 ක් ජය ලබා තිබේ. බංග්ලාදේශය තරග 4 ක් පමණක් ජය ලබා ඇති අතර තරගයක් විසදුමකින් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:
උපුල් තරංග (නායක), ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, සංජය බණ්ඩාර, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීකුගේ ප‍්‍රසන්න සහ ලක්‍ෂාන් සදකැන්

බංග්ලාදේශ එක්දින සංචිතය:
මෂ්රාෆි මොර්ටාෂා (නායක), ඉම්රුල් කයිස්, මහුමුදුල්ලා, මොසාඩෙක් හොසේන්, මුෂ්ෆිකුර් රහීම්, මුස්ටාෆිෂුර් රහමන්, නුරුල් හසන්, රුබෙල් හුසේන්, සබීර් රහමන්, ශකීබ් අල් හසන්, ෂුවගාටා හොම්, සෞම්‍ය සාකර්, සුබාෂිස් රෝයි, සන්ෂමුල් ඉස්ලාම්, තමීම් ඉක්බාල් සහ ටස්කින් අහමඞ්

lankaflix

fox final 0728 mirror