ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්‍රීඩකයාට පන්දුව දමා ගැසීමේ චෝදනා

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්‍රීඩකයාට පන්දුව දමා ගැසීමේ චෝදනා

බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වරයාගේ කණ්ඩායම අතර පැවති තෙදින පුහුණු තරඟයේදී පන්දු යැවීමෙන් කඩුලු 3ක් සහ පිත්තෙන් වේගවත් ලකුණු 50 ක් ලබාගත් නවක ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකයට භාජනය වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිදානය කරන අන්තර් දිස්ත්‍රික් එක්දින ක්‍රිකට් තරඟාවලියේ යාපනය කණ්ඩායම සහ වව්නියා කණ්ඩායම් අතර පැවති තරඟයක් අතරතුර චාමිකගේ පන්දු යැවීම සැක සහිත බව වාර්තා කර ඇත්තේ එම තරඟයේ ප්‍රදාන විනිසුරුවන් ලෙස කටයුතු කල ක්‍රිෂාන්ත රොද්‍රිගෝ සහ එරික් කන්නන්ගර විසිනි.

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු කරුවන් චාමිකගේ පන්දු යවන ඉරියව්ව පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව පවසා ඇත්තේ ඉක්මනින්ම ඔහුගේ ඉරියව්ව නිවැරදි කර ඉදිරියේ පැවැත්වෙන ජාත්‍යන්තර තරග සදහා ඔහු සුදානම් කරන බවයි.

lankaflix

fox final 0728 mirror