කුසල්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

කුසල්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

ආරම්භක පිතිකරු කුසල් ජනිත්හට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලිය බොහෝ දුරට අහිමිවීමේ අවදානමක් ඇතැයි වාර්තා වේ..

ඒ ඊයේ (22) පැවති පුහුණු එක්දින තරගයේ දී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙනි.

ඊයේ තරගයේ දී කුසල් ජනිත් ලකුණු 64 ක් ද රැස් කිරීමට සමත් විය.

කෙසේවෙතත් කුසල් ජනිත් වෙනුවට මිලින්ද සිරිවර්ධන ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවනු ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

බංග්ලාදේශ හා ශ‍්‍රී ලංකා පළමු එක්දින තරගය ලබන සෙනසුරාදා රංගිරි දඹුළු අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

lankaflix

fox final 0728 mirror