මැතිව්ස්ට නායකත්වය භාරදීමට යයි

මැතිව්ස්ට නායකත්වය භාරදීමට යයි

මෙම වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී ඩුමිනි ඉවත් වන බව ඔහු විසින් දිල්ලි ඩෙයාඩ්වල්ස් කණ්ඩායමට නිල වශයෙන් දන්වා ඇති බව වාර්තා වේ.

ඩුමිනි තරගාවලියෙන් ඉවත් වීමට පැහැදිලි හේතුවක් දක්වා නොමැති අතර පුද්ගලික හේතු මත මෙම තීරණය ගත් බව පැවසේ.

ඩුමිනි ඩෙයාර්ඩෙවිල්ස් කන්ඩායමේ නායකත්වය දරන අතර ඔහු ඉවත්වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් හට එහි නායකත්වය භාරදීමට නියමිතව ඇතැයි කි‍්‍රකට් විචාරකයින් මත පළ කරයි.

ඩුමිනිගෙන් හිස්වන තැනට ක්‍රීඩකයෙකු තවමත් නම් කර නැති අතර මේ වසරේ දිල්ලි කණ්ඩායම ඩුමිනිට අමතරව විදෙස් ක්‍රීඩකයන් ලෙස තෝරාගෙන සිටියේ ඇන්ජලෝ මැතිව්ස්, කගිසෝ රබඩා, කොරේ ඇන්ඩර්සන් හා පැට් කමින්ස්ය.

lankaflix

fox final 0728 mirror