බංගලාදේශයට මැච් එක දිනන්න චන්දිමාල්ගෙන් උදවු ලැබිලලු

බංගලාදේශයට මැච් එක දිනන්න චන්දිමාල්ගෙන් උදවු ලැබිලලු

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දුන් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම දෙවන ටෙස්ට් තරගයේ සියල්ල වෙනස් කරමින් ශ්‍රී ලංකාව හමුවේ වාර්තාගත් ජයක් ලබාගැනීමට සමත් විය.

තරඟයේ තීරණය වෙනස් කල ඉනිම ක්‍රීඩා කල ශකීබ් අල් හසන් තම ශතකය ලබාගත් පසු ප්‍රකාශ කර තිබුනේ තමන් ශතකය ලබාගැනීමට චන්දිමාල්ගේ ඉනිම පුර්වාදේශයක් කරගත් බවයි.

දෙවන දිනයේ බංගලාදේශ කඩුලු 4ක් බිඳවැටීම සමග පිටියට පැමිණි ශකීබ් දෙවන දිනයේ හවස් වරුවේ පන්දු 8ක දී ලකුණු 18 ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ සහයත් සමගිනි.එම පන්දු 8 තුල ශකීබ් ඉතා අපරික්ෂාකාරී පිතිහරඹයක නිරත වුවද තුන්වන දිනයේ උදෑසන පිටියට පැමිණියේ හාත්පසින්ම වෙනස් ටෙස්ට් ශකීබ් කෙනෙකි.ඉතා පරීක්ෂාකාරීව පිතිහරම්බයේ යෙදුන ඔහු ලබාගත් ශතකය ශ්‍රී ලංකා පරාජයට වඩාත්ම බලපානු ලැබුහ.

ශකීබ් එම වෙනස පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ,

” දෙවැනි දවසේ නොදැවුණ පිතිකරුවෙක් විදියට ක්‍රීඩා ගාරයට ගියපු මට ඊලග දවස සැලසුම් කරන්න රැයක්ම තිබුන,මම ඊලග දවසේ චන්දිමාල් පළමු ඉනිමේ සෙල්ලම් කරපු විදියට බැට් කරන්න හිතාගත්ත.චන්දිමාල් පෙන්නපු වගකීම් සහගත පිතිහරම්බයෙන් මම ගොඩක් දේවල් ඉගන ගත්තා.”

බංගලාදේශ පිතිකරුවන් එලෙස පාඩම් ඉගන ගත්තද දෙවන ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගිය ආකාරය දුටු විට ඔවුන් ශකීබ්ගෙන් පාඩමක් ඉගන ගත්තාද යන ප්‍රශ්නය පැන නැගුණි.

lankaflix

fox final 0728 mirror