තරග පාවාදුන්නැයි කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකුට තහනමක්

තරග පාවාදුන්නැයි කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකුට තහනමක්

අඩි හතක්‌ උසැති පාකිස්‌තාන් ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු යවන්නා වන මොහොමඩ් ඉර්ෆාන් පාකිස්‌තාන් සුපර් ලීග් තරගාවලියේදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්‍ෂණයකින් පසුව ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට්‌ තරග තහනමක්‌ පැනවීමට එරට දූෂණ විරෝධී ක්‍රිකට්‌ කමිටුව පියවර ගෙන තිබේ.

පාකිස්‌තාන් සුපර් ලීග් තරගාවලිය අතරතුරදී තරග පාවාදීම් සහ ඇදෙන සිද්ධීන් සම්බන්ධයෙන් මෙසේ මොහොමඩ් ඉර්ෆාන්ට තහනමක්‌ පැනවී ඇති අතර ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ අවසන් වනතුරු මෙම තහනම පනවා තිබේ.

මීට පෙර පාකිස්‌තාන් පිතිකරුවකු වූ නසීර් ජම්සේඩ්ද තරග පාවාදීම් සම්බන්ධ සිදුවීමක්‌ හේතුවෙන් දඩුවම් ලැබීය.

34 හැවිරිදි මොහොමඩ් ඉර්ෆාන්ට දින 14 ක්‌ ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති අතර පාකිස්‌තාන් නීති සංග්‍රහයේ 2.4.4 නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තහනම පනවන ලදී.

lankaflix

fox final 0728 mirror