කෝලිව අර්ජුනට සමාන කරලා

කෝලිව අර්ජුනට සමාන කරලා

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර 2 වන ටෙස්ට් ඇතිවූ විනිසුරු තීරණ විමර්ශනය පිළිබද ඇති වූ සිද්දිය සම්බන්දයෙන් ඉන්දීය නායක විරාට් කෝලි සහ පුහුණුකරු අනිල් කුම්බ්ලේට චෝදනා කරමින් ඕස්ට්රේලියානු පුවත්පත් වාර්තා පල කර තිබේ.

ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත විරාට් කෝලි ඕස්ට්රේලියානු කණ්ඩායමේ නම්බුවට හානියක් වන ලෙස හැසිරුණ බවත් කුම්බ්ලේ මතභේදාත්මක විනිසුරු තීරණයක් සම්බන්දව පැහැදිලි කිරීමක් ලබා ගැනීමට විනිසුරු ගේ කාමරයට යාම දැඩි ලෙස විවේචනය කර ඇත.

එම තරගයේ දෙවන ඉනිමේ ස්ටීවන් ස්මිත් කඩුල්ල මුවාකර දවාගැනීමට කල ඉල්ලීමකට විනිසුරු දැවී යාමක් ලබාදුන් පසු විනිසුරු තීරණ යලි විමසීමේ අවස්ථාවට යාමට පෙර ස්මිත් තම ක්‍රීඩාගාරයේ සහය ලබාගැනීමට උත්සාහ කිරීම තරගයේ සිදුවීම් රැසක ආරම්භය විය.

එම සිදුවීම සමග ඉන්දීය නායක කෝලි තම අත තිබු බෝතලය කෝපයෙන් දමා ගැසීම ඕස්ට්‍රේලියා මාද්‍ය වල විවේචනයට බඳුන් වී ඇත.

එම තරගයේ ඇති වූ සිදු වීම් ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් සුහදතාවයටද දැඩි පහරක් බව ඕස්ට්‍රේලියා පුවත්පත් පෙන්වා දී ඇත.

ඕස්ට්‍රේලියා පුවත්පත් වැඩි දුරටත් පවසන්නේ කොලිගේ මෙම දරදඩු හැසිරීම ක්‍රිකට් පිටියේ සිටි හිතුවක්කාරම නායකයෙකු වූ අර්ජුන රණතුංගගේ හැසිරීමට සමාන බවයි.

lankaflix

fox final 0728 mirror