මීළග ඉලක්කය ගැන හේරා කියයි

මීළග ඉලක්කය ගැන හේරා කියයි

ලොව ටෙස්‌ට්‌ කඩුලු 400 සීමාව පන්නා ගිය පන්දු යවන්නන් සිටින්නේ සීමිත පිරිසක්‌ බවත් තමාට එම ඉලක්‌කය කරා යැමට හැකි වෙතොත් ඒ ගැන ඉතාමත් සතුටු වන බවත් 39 හැවිරිදි වියේ පසුවන රංගන හේරත් ගාලු ටෙස්‌ට්‌ ජයග්‍රහණයෙන් පසුව පැවසීය.

”කඩුලු 400 සීමාවට ගිහිල්ල තියෙන්නෙ කීප දෙනෙක්‌ විතරයි. ඒ නිසා මට ඒ තැනට එන්න පුළුවන්නම් ලොකු දෙයක්‌. නමුත් මගේ සැලසුම තරගයෙන් තරගයට සහ තරගාවලියෙන් තරගාවලියට සැලසුම් සකස්‌ කිරීමයි. නමුත් මම හැම විටම උත්සහ කරන්නේ මගේ රට සහ කණ්‌ඩායම වෙනුවෙන් උපරිම කඩුලු දවා ගන්න” යෑයි හේරත් පවසයි. ටෙස්‌ට්‌ තරගවල ස්‌ථිර ස්‌ථානයක්‌ හිමිවීම තරමක්‌ පමා වුවද ඒ ගැන තමා ලත නොවෙන බවත් තමා දැනටමත් ටෙස්‌ට්‌ තරග 79 කට ක්‍රීඩා කර තිබීම ගැන පමණක්‌ සතුටු වන බවත් හේරත් තවදුරටත් පැවසීය.

ගාලු ටෙස්‌ට්‌ තරගයට පිතිකරුවන් හය දෙනකු සහ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟ ක්‍රීඩා කිරීමේ තීරණය සම්බන්ධයෙන් නායකයා ලෙස තමා සෑහීමකට පත්වූ බවද හේරත් පවසයි. ”අපි ගොඩක්‌ සැලසුම් කතා කළා. මම මේ තණතීරුවේදී පිතිකරුවන් හය දෙනෙක්‌ සමඟ ක්‍රීඩා කරන්න කැමැති වුණා. කොහොමත් තරගයේදී දඟ පන්දු යවන්නන් විදිහට ඩිල්රුවන් සහ සඳකැන් විශාල සහයක්‌ ලබාදුන්නා යෑයි පැවසීය. තවදුරටත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බවත් මේ කණ්‌ඩායමට තවත් ඉගෙන ගත යුතු බොහෝ දේ තිබෙන බවත් හේරත් අවසන් වශයෙන් පැවසීය.

lankaflix

fox final 0728 mirror