දේශපාලන සූදුවෙන් ශ්‍රීලංකා ක්‍රිකට් වලපල්ලට යවන කාබාසිනියන්ට මාලිගෙන් කනේ පහරක්.. (VIDEO)

දේශපාලන සූදුවෙන් ශ්‍රීලංකා ක්‍රිකට් වලපල්ලට යවන කාබාසිනියන්ට මාලිගෙන් කනේ පහරක්.. (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ සිටින මාලිංග මුහුණුපොත හරහා තමයි මේ වීඩියෝව නිකුත් කර තිබෙන්නේ.

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්කර නොගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබුණා. ඔහු විවේක ගන්වා ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපවෙත වාර්තා වුණේ පෞද්ගලික හේතුවක් මත මාලිංග මෙලෙසින් කණ්ඩායටම එක්කර නොගන්නේ ක්‍රිකට් ඉහළ පෙලේ නිලධාරියෙකුගේ උවමනාවක් මත බවයි.

කෙසේ නමුත් නිදහස් කුසලානයට පවා මාලිංග සම්බන්ධ කර නොගෙන සිටියදී ඔහු පළාත් තරඟවලදී දැක්වූ දක්ෂතා කාගෙත් අවධානයට යොමු වුණා. මේ අතරතුරයි ඔහු IPL හි මුම්බායි පිලේ වේග පන්දු උපදේශක ලෙසින් එක්ව තිබුණේ. ඒ අතර තමන් කණ්ඩායමට එක්කර නොගැනීම සම්බන්ධයෙන් මාලිංග මේ වනවිට අදහස් දක්වා ඇති අතර ඔහු එහිදී පවසන්නේ තමන් කණ්ඩායමට එක්වීමට කැමැත්තෙන් සිටියත් එය වලක්වන්නට කටයුතු කරන්නේ මෙම තේරීම් කමිටුව බවයි.

“2017 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් මාව ඉවත් කරනකොට අලුතින් පැමිණි තේරීම් කමිටුව මට කිසිදු තරගයක්වත් ලබානොදී, මම ලෝකයේ ටී20 වල 2017 වසර තුළ කඩුළු ලබාගත්ත ක්‍රීඩකයන් අතර 3 වැනි ස්ථානයේ හිටියා.

ඒ වගේම ලංකාවේ ක්‍රීඩකයන් අතර පළවැනි ස්ථානයේ සිටියා. එහෙම ඉන්න කොට තමයි අලුතින් ආපු තේරීම් කමිටුව මට එකම තරගයක්වත් ලබානොදී ටී 20 වලින් මාව ඉවත් කළේ.

ඒ වගේම මම ඒ වෙලාවේ ඔවුන්ගෙන් අසා සිටියා ඇයි මාව T 20 වලින් ඉවත් කරන්නේ ? මම මේ වෙනකොටත් ලංකාවේ T 20 වලින් වැඩිම විකට් ගත්ත එක්කෙනා කියලා.

එතකොට එගොල්ලෝ මට කියා සිටියේ, අපි අලුතින් 2019 සදහා ක්‍රීඩකයන් බලන නිසා මේ වගේ පොඩි තරගවලදී (ටූනර්මන්ට්ස්වලදී) අපි අලුත් ක්‍රීඩකයන් බලනවා. ඔයා විවෙක ගන්න ඕනේ කියලා. එතකොට මම එගොලන්ට තරයේ කියා සිටියා, මාව කණ්ඩායමෙන් හේතුවක් නැහැ මම කඩුළු අතර ඉන්න නිසා කියලා.

ඉතිං ඒ විවෙකගන්න කොට, ඒ නිසා මට පසුව ආරාධනා ලැබුණා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වසර 10ක් ක්‍රීඩා කරලා ඒ වගේම ජාත්‍යන්තර තරග අවුරුදු 15ක් ක්‍රීඩා කරලා මගේ තියෙන අත්දැකීම්, මම ඒ තරගවලදී මුහුණදීපු ආකාරය, ඒවගේම මම පන්දු යවන ආකාරයේ සංකලනයන් මේ අලුතින් එන ක්‍රීඩකයන්ට වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතරත් බෙදාගෙන පන්දු යවන්නන්ගේ උපදේශකයෙක් විදිහට කටයුතු කරන්න.

ඉතිං මම හිතුවා මම ලබාගත්ත අත්දැකීම් සෙසු ක්‍රීඩකයන්ට බෙදාදෙන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන්. ඉතිං ඒ දේ මම බාරගත්තා සතුටින්. ඉතිං මගේ ඒ කාලසීමාව ඉවර වෙන්නේ මැයි මාසේ 25 වැනිදා 26 වැනිදා විතර.

ඉතිං ඊට පස්සේ මම හිතනවා මට එළඹෙන සවුත් ඇෆිරිකන් සංචාරයේ වන්ඩේ එක්දින තරග පටන් ගන්නකොට මට අවස්ථාවක් තියෙනවා. මේ තරග අයිපීඑල් තරග ඉවර වුනාට පස්සේ ලංකාවට ඇවිල්ලා පුහුණුවීම් කටයුතු කරලා, තියෙන පුහුණු තරග කරලා නැවත ජාතික කණ්ඩායම මාව තෝරා පත් කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ශාරීරික යෝග්‍යතාවයන් දක්ෂතාවයන් තියෙනවා නම් මාව කණ්ඩායමට තෝරාගන්න අවස්ථාවක්.” ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය මේ වන විට පැවැත්වීමට තීරණය කර තිබෙන අතර ඒත් සමඟින් මාලිංග කළ සම්පූර්ණ කතාවේ වීඩියෝව පහතින්,

 

lankaflix

fox final 0728 mirror