දිනන විට යන්න ගියේය

දිනන විට යන්න ගියේය

වසර 68ක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මෙවර ශ්‍රී ලංකාව මින් පෙර නොවූ ජයග්‍රාහී මාවතකට අවතීර්ණ විය.

මේවන විට ලංකාව දි ඇති පදක්කම් සංඛ්‍යාව හයකි. ඉන් පදක්කම් 2කට හිමිකම් කියන්නේ ක්‍රීඩිකාවන්. ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ක්‍රීඩිකාවක් දිනාගත් පළමු පදක්කම් දෙක වශයෙන් එය ඉතිහාස ගතවේ. පදක්කම් නැතිවුවද පිහිණුම් මළල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව්ව කිහිපයකින්ම අපේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා වාර්තා අලුත් කර ඇත.

ක්‍රිකට් පරදින විට ක්‍රීඩා ඇමතිකමින් අස්වී ගෙදර යන්න කිවූ ක්‍රීඩා ඇමති මෙම ජයග්‍රහණ ලබන මේ මොහොත වන විට ශ්‍රී ලංකාවට ජය ගෙන ඒමට මග තනා දී ඇමතිකමින් ඉවත්ව ගෙදර ගොස් හමාරය.

ක්‍රිකට් පරාජයේදී ඔහු වෙත ගැසූ ටොන් ගණනින් බර ගල් මුල්වල්වලට සාපේක්ෂව මංචාඩියක බරකින්වත් යුත් මලක් නම් මෙම ජයග්‍රහණයේදී හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර වෙත තවමත් ලැබී නැත. ක්‍රිකට් පරාජයේ පීතෘත්වයේ කටු ඔටුන්න අපි දායාසිරි හිස මත පැලුන්දුවේ නම් මේ ලද ජයග්‍රහණයේ පිතෘත්තවයේ මල් මාලය ද ඔහු උර මත පැළැන්දවිය යුතුය. මේ සටහන ඒ වෙනුවෙනි. සාක්ෂිකරු ශ්‍රී ලංකා බර ඉසිලීම් සම්මේලනයේ සභාපති ය.

පසුගිය අප්‍රේල් 11 වැනිදා පොදුරාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උළෙලලේ පදක්කම් 3ක් සමගින් මවුබිමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම උණුසුම්ව පිළිගෙන සුබ පැතීමට හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා කටයුතු කළෙය. එය ඔහුගේ අවසන් නිල කාර්යය වූ අතර ඉනික්බිත පසු දින ඔහු ඉල්ලා අස්වන බව ක්‍රීඩකයන් තබා අමාත්‍යාංශයේ නිලධාරීන්වත් එතෙක් දැන සිටියේ නැත.

කටුනායක ගුවන් තොටුපොළෙන් පිළිගත් බර ඉසිලීම් කණ්ඩායම ඉන්පසු ක්‍රීඩා අමාත්‍යාංශයේදී නැවත පිළිගැනීමට ලක්විය. අමාත්‍යාංශයේදී අදහස් දැක්වූ සභාපති නාලක හේවාමද්දුම මේ ජයග්‍රහණය පසුපස පුද්ගලයින් දෙන්නෙක් ඉන්නවා. ඉන් පළමුවැන්නා තමයි ක්‍රීඩා අමාත්‍යවරයා. මම මේ ක්‍රීඩාවේ ඉන්නේ වසර 35ක සිටයි. මෙච්චර කාලයකට මේ වගේ ක්‍රීඩා අමාත්‍යාවරයෙක් අපිට හමුවෙලා නැහැ. අපේ ක්‍රීඩාවේ පමණක් නෙවෙයි, ක්‍රීඩකයින්ගේ ප්‍රශ්නවලදී පවා ඇමතිතුම පුද්ගලිකවම සොයලා බැලුවා. අපි ඉල්ලපු කිසිම දෙයක් නොදී සිටියේ නැහැ. මේ ජයග්‍රහණ ලබාගත හැකි බව ඔහු මුල සිටම දැන සිටියා. කෑම බීම නවාතැන් මේ හැමදෙයක් ගැනම හොයලා බැලුවා. මේ ඉසවුවේ අපිට 2020 ඔලිම්පික් පදක්කමක් ගැන ලොකු බලාපොරොත්තුවත් තියෙනවා. ඒ බලාපොරත්තුව අපිට දුන්නාට ක්‍රීඩා ඇමතිතුමාට ස්තූතියි. ඉල්ලා අස්වූ ක්‍රීඩා ඇමතිතුමනි... දේශපාලනයේදී අප ඔබ වෙත කිනම් විවේචන සිදුකළ ද 2020 ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් ඔබ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට කළ මෙහෙවර පිළිබඳ මතකය තව බොහෝ කලක් නොනැසී පවතිනු ඇත.

lankaflix

fox final 0728 mirror