‘පන්දු 02ක් දැම්මා. හිතුවා ගහන්න ඕන කියලා’

‘පන්දු 02ක් දැම්මා. හිතුවා ගහන්න ඕන කියලා’

කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් නිදහස් කුසලාන තරගාවලියේ ඊයේ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති පළමු තරගයෙන් ඉන්දියානුවන් පරාදා කඩුලු 05ක ජයක් ලැබීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

බංගලාදේශ තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් කුසල් මෙන්ඩිස් දෙවැනි පන්දුවාරයේ දැවීයාමත් සමග පිටියට පැමිනි කුසල් ජනිත් ඉන්දියානු පන්දුයවන්නන් හට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ අතර පන්දු 37කදී ලකුණු 66ක් රැුස් කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය වෙත කැදවාගෙන ගියහ.

කුසල්ගේ මෙම ප්‍රහාරයේදී ඉන්දීය පන්දු යවන්නෙකු වන ශර්දුල් තකුර් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර කුසල් දැවී යනතුරු ඔහු පන්දු යැවීමෙන් ඉවත් කර සඟවා තබන්නටද ඉන්දීය නායක රෝහිත් ශර්මාට සිදු විය.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවන පන්දුවාරය යවන්නට පන්දුව අතට ගත් තකුර් ගේ පළමු පන්දු හයට (නිපන්දුවක්ද සහිතව)හතරේ පහර හයක් සහ හයේ පහරක් එල්ල කරන්නට කුසල් සමත් වූ අතර අවසාන පන්දුවට පුල් පහරක් එල්ල කරන්නට කුසල් උත්සාහ කලද එය පිත්තේ නිසි පරිදි නොවැදීම නිසා තකුර් හත්වන හතරේ පහරින් බේරෙන්නට සමත් විය.

කුසල් එල්ල කල ප්‍රහාරය කලින් ඉලක්ක කල ප්‍රහාරයක් නොවන බව තරඟයෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දක්වමින් කුසල් පවසා තිබිණි.

“පන්දු වාර 20 කදී ලකුණු 175ක් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.අපි පලවෙනි පන්දුවාර හයේ උපරිම ගහන්න තමයි හිතාගෙන හිටියේ,තුන්වෙනි පන්දුවාරය යවන්න ටකුර් එද්දී මම ඔහුට පහර දෙනවා කියල මුලින් හිතාගෙන හිටියේ නෑ,හැබැයි පන්දු දෙකක් දැම්මට පස්සේ මම හිතාගත්ත ඔහුට පහර දෙන්න ඕන කියලා,එයා පන්දු යැව්වේ මම පහර ගහන්න කැමති තැන් වලට,T20 තරඟ මෙහෙම තමයි පන්දු යවන්නන්ට පහර එල්ල කරලා තමයි ලකුණු ගන්න ඕන.”

ඉන්දීය පන්දු යවන්නන් අතීතයේ ජයසුරිය ඉදිරියේ පන්දු යවන්නට අකමැති වන්නේ ජයසුරියගේ ප්‍රහාරය පන්දු යවන්නාගේ අවසානයද විය හැකි නිසාය,එලෙස ජයසුරිය පහර දෙන පන්දු යවන්නන් ලෙස හංවඩු ගැසුණු ඉන්දීය පන්දු යවන්නන් කීප දෙනෙකුම ඉන්දීය කණ්ඩායම සතුව අතීතයේ සිටි අතර ඊයේ ටකුර් සහ ඉන්දීය පන්දු යවන්නන් කුසල් හමුවේ පන්දු යවද්දී අපට දකින්නට ලැබුනේ එදා ජයසූරියගෙන් පහර කෑ ඉන්දීය පන්දු යවන්න්ගේ මුහුණුමය.

කුසල් බංගලාදේශ තරඟාවලියේ අභාදයකට ලක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වූ අතර මේ වනවිට සම්පුර්ණයෙන් සුවය ලබා ඇති බව කුසල්ගේ වචනයෙන්ම ක්‍රීඩා ලෝලීනට අසනට ලැබීම සතුටට කරුණකි.”පහුගිය කලේ අභාදයන් කීපයක් ආවා.ඊට පස්සේ ඒ දේවල් සුව වෙලා මම දේශීය තරඟවලට ක්‍රීඩා කරලා දක්ෂතා අතරට ආවා.මම හිතනවා මේ වෙද්දී මගේ අභාදය සම්පුර්ණයෙන්ම සුව වෙලා තියෙන්නේ කියල.”

තරඟාවලියට ලබාගත් ආරම්භය ගැන තමා සතුටු වන බවද කුසල් අවසාන වශයෙන් පවසා තිබිණි.”ඇත්තටම ගොඩක් සතුටුයි අපිට තරඟය දිනන්න ලැබුන එක ගැන,මොකද අලුත් තරඟාවලියක පලවෙනි තරඟය දිනුවම කණ්ඩායමට ලොකු විශ්වාසයක් එනවා,මේ ලැබුන ජයග්‍රහණය එක්ක තරඟාවලිය හොඳට කරන්න තමයි හිතාගෙන ඉන්නේ.”

lankaflix

fox final 0728 mirror