"මාලිංග නැති නිසා අමතර පීඩනයක් තියනවා"

"මාලිංග නැති නිසා අමතර පීඩනයක් තියනවා"

ඇන්ජලෝ මැතිව්ස් ,අසේල ගුණරත්න වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයින් නොමැති වුවද ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ජයග‍්‍රහණය සදහා ලොකු අවස්ථාවක් ඇති බව ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ හිටපු සුපිරි නායකයකු වන මහේල ජයවර්ධන පවසනවා.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට අදහස් දක්වමින් මහේල පවසන්නේ බංගලාදේශ සංචාරයේදී ලැබු ජයග‍්‍රහණය මෙම තරගාවලියට ඉතා වැදගත් වන බවයි

‘තරගාවලිය අපේ රටේ තියන නිසාත්, චන්දික හතුරුසිංහ ගේ පුහුණූවීම් යටතේ ලැබූ ගුරුහරුකම් සහ ඉන්දියානු කන්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් නොමැතිවිම නිසා ශ‍්‍රී ලංකා පිළට ලොකු අවස්ථාවක් තියනවා..

හතුරුසිංහගේ පුහුණුවීම් යටතේ මේ අවුරුද්ද අපි ජයග‍්‍රාහීව ආරම්භක කළා..අපි බංගලදේශ සංචාරයේදී ගොඩක් ධනාත්මක විදියට ක‍්‍රීඩා කලා..ඒක නිදහස් තරගාවලියට ගොඩක් වැදගත්.ඉන්දියාවේ ප‍්‍රබල ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු නැති වුනත් තරගාවලිය ගොඩක් තරගකාරී වෙයි.බංගලාදේශ කණ්ඩායමත් ගොඩක් වෙහසක් දරයි ලැබු පරාජයන් වලින් යලි නැගීසිටින්න..

සුරංග,නුවන් ප‍්‍රදීප්,දුෂ්මන්න යන ක‍්‍රීඩකයින්ට විස්සයි විස්ස අත්දැකීම් අඩුයි.ඒක නිසා මෙම තරගාවලියට ඒ අයට ගොඩක් වැදගත් වෙයි.අපි බලමු කොහොමද ඒ අය සාර්ථකව එම අභියෝගයට මුහුණදෙන්නෙ කියලා..ලසිත් මාලිංගත් කණ්ඩායමේ නැති නිසා වේග පන්දු යවන්නන්ට අමතර පීඩනයක් තියනවා..

මම බලාපොරොත්ත වෙනවා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු ලැබෙයි කියලා..සියලුම තරග තියෙන්නේ පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ..මේ දිනවල කොළඹ තියන උෂ්ණත්වයක් එක්ක මම හිතනවා පිතිකරුවන්ට අභියෝගයක් වෙයි ලකුණු හඹා යන්න..’

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු සහ විශිෂ්ට දකුණත් පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන විසින් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කළ ආරාධනයක් පිළිගෙන නිදහස් කුසලානයට පෙර පැවැත්වෙන පුහුණුවීම් අතරතුර යම් උපදේශන කටයුත්තක් වෙනුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග සම්බන්ධ විය.

lankaflix

fox final 0728 mirror