හඹාගොස් ජයගැනීම කෙරෙහි වැඩි අවධානයක්

හඹාගොස් ජයගැනීම කෙරෙහි වැඩි අවධානයක්

එක්‌දින තරග 150 ක මුහුණට මුහුණ හමුවු ඓතිහාසික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට (20 දා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු සටන අරඹයි. දිවා රාත්‍රී තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිතය.

පුර්ණකාලීනව 2019 ඉලක්‌කය තෙක්‌ ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායමේ ඔටුන්න උපුල් තරංගට භාරදීමත් සමග ශ්‍රී ලංකාව සහභාගි වන පළමු එක්‌දින තරගයද මෙය වේ. ටෙස්‌ට්‌ තරගාවලිය 3-0 ක්‌ ලෙසින් අන්ත පරාජයකට ලක්‌වීමේ ක`ථ පැල්ලම මකා දැමීමට මෙම එක්‌දින තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිහින මවමින් සිටිති.

කෙසේ වෙතත් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම තෝරා ගැනීමට වෙනදා මෙන් ගැටලු සහගත තත්ත්වයක්‌ නොවනු ඇති බවට සංචිතය දෙස බැලීමේදී පැහැදිලි වේ. පන්දු යවන්නන් යොදවා ගැනීම එහිදී තරමක්‌ සාකච්ඡාවට බඳුන් වුවද නිරෝෂන් දික්‌වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්‌, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්‌, චාමර කපුගෙදර, තිසර පෙරේරා පිතිකරුවන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් වශයෙන් හෙට තරගය ක්‍රීඩා කිරීමේ වැඩි සම්භාවිතාවක්‌ පවතී. පන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග, සමග විශ්ව ප්‍රනාන්දු හෝ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. දඟ පන්දු යවන්නන් ලෙස අකිල ධනංජය සහ ලක්‍ෂාන් සඳකැන් ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව මෙතෙක්‌ තරග වැදුන අවස්‌ථා 40 කදී තරග 25 ක්‌ සහ පරාජයන් 13 ක්‌ ලබා තිබේ. ඉන්දියානුවන්ටද දඹුල්ල ක්‍රීඩාංගණය නුහුරු ක්‍රීඩාංගණයන් නොවන අතර ඔවුන්ද එහිදී තරග වැදුන අවස්‌ථා 17 කදී ජයග්‍රහණ නවයක්‌ සහ පරාජයක්‌ අටක්‌ ලබා තිබේ.

මහේන්ද්‍ර සිං දෝනි සහ රෝහිත් ෂර්මා ඉන්දියානු එක්‌දින සංචිතයට එක්‌වීමෙන් ඔවුන් තවත් ශක්‌තිමත්ව ඇති අතර මේ වන විට ඉන්දියාව එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්‌ථානයේ පසුවේ. නමුත් ශ්‍රී ලංකාව පසුවන්නේ එම ශ්‍රේණියේ අට වැනි ස්‌ථානයේය. මෙම තරගාවලියේ ජය ගන්නා කණ්‌ඩායමට ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යැමේ අවස්‌ථාව තිබුණද එහිදී ශ්‍රී ලංකාවට තරගාවලි ජය වඩාත් වැදගත් වේ.

“ටෙස්‌ට්‌ තරගාවලියට වඩා එක්‌දින තරගාවලිය වෙනස්‌. නමුත් අපි ටෙස්‌ට්‌ තරගාවලියේදී සිදුවු වැරදිත් හදාගෙන මේ තරගාවලිය සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා. කණ්‌ඩායම ගැන මම ඉතාමත් තෘප්තිමත්” යෑයි ශ්‍රී ලංකා නායකයා තරගාවලිය සම්බන්ධයෙන් පවසා සිටියේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්වන 17 වැනි එක්‌දින තරගාවලිය මෙය වන අතර එහිදී ශ්‍රී ලංකාව වසර විස්‌සකින් ඉන්දියාවට එරෙහිව එක්‌දින තරගාවලියක්‌ ජය ගෙන නොමැත. අවසන් වරට 1997 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 3-0 කින් සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියානු කණ්‌ඩායම පරාජය කර තිබේ. අනතුරුව පැවැති තරගාවලි අටෙන් හයක්‌ම ඉන්දියාව ජය ගනිද්දී තරගාවලි දෙකක්‌ පමණක්‌ විසඳුමකින් තොරව නිමාවී ඇත.

කෙසේ වෙතත් අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉකුත් චැම්පියන්ස්‌ කුසලාන තරගාවලියේදී ඕවල් ක්‍රීඩාංගණයේදී මුණ ගැසුනද එහිදී ලකුණු තුන්සිය ගණනක්‌ හඹා ගොස්‌ ජය ගැනීමේ මානසිකත්වයෙන් ශ්‍රී ලංකාව තෘප්තිමත්ව සිටින බව තරගාවලිය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

lankaflix

fox final 0728 mirror