වාස් පුහුණුකරු ධුරයෙන් ඉවතට, හේරාට අවසන් තරගය අහිමි වෙයි

වාස් පුහුණුකරු ධුරයෙන් ඉවතට, හේරාට අවසන් තරගය අහිමි වෙයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම් වේග පන්දු යවන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් වේගපන්දු යවන ක‍්‍රීඩක රුමේෂ් රත්නායක මහතා ලබන සැප්තැම්බර් මස වැඩ බාරගැනීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා පිළේ වර්තමාන වේග පන්දු යවන පුහුණුවකරු චමින්ද වාස් නැවතත් වයස 19න් පහළ සංචිතයට අනුයුක්ත කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ රුමේෂ් රත්නායක මහතා ඉන්දීය සංචාරය අවසානයේදී වැඩ බාර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

හේරාට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි?

ශ‍්‍රී ලංකා ටෙස්ට් පිලේ ජේ්‍යෂ්ඨතම පන්දු යවන්නා වන රංගන හේරත් පිටකොන්දේ අබාධයකට ලක්වීමෙන් ඉන්දියාව සමග පල්ලෙකැලේහීදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවට එරෙහිව එස්.එස්.සී ක‍්‍රීඩාංගනයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී රංගන මෙම අබාධයකට ලක්ව තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කල විමසුමකදී පැවසුවේ රංගන කොන්දේ අබාධයකට ලක්ව සිටින බවත් ඒ පිළිබදව මේ අවස්ථාවේ නිශ්චිතවම කිසිවක් ප‍්‍රකාශ කල නොහැකි බවත්ය.

lankaflix

fox final 0728 mirror