කවුද හිතුවෙ කගවේනා පරාද වෙයි කියලා (වීඩියෝ)

කවුද හිතුවෙ කගවේනා පරාද වෙයි කියලා (වීඩියෝ)

2017 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් සියය පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් සමත් වුණා.

ජස්ටින් ගැට්ලින් මෙහිදී වාර්තා කළ තරග නිමි කාලය තත්පර 9.92 ක්.

අමෙරිකාවේම ක‍්‍රිස්ටියන් කොලිමාන් රිදී පදක්කම දිනා ගත්තා. ඒ, තත්පර 9.94 ක කාලයක් වාර්තා කරමින්.

බොහෝ දෙනාගේ අවධානය දිනා සිටි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්ට මෙම ඉසව්වේ දී ලෝකඩ පදක්කමකින් සෑහීමට සිදු වුණා.

මෙම තරගාවලිය තමන් සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරගාවලිය බවයි උසේන් බෝල්ට් මීට පෙර කියා සිටියේ.

මීටර් 200 සහ මීටර් 100 සහය දිවීම යන ඉසව්වලට ද ඔහු සහභාගී වීමට නියමිතයි.

තරගයේ වීඩියෝව මෙතනින් නරඹන්න.

lankaflix

fox final 0728 mirror