තරඟ පාවල දීලනම් සමාවක් නෑ

තරඟ පාවල දීලනම් සමාවක් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සිදුකරගෙන යන පළමු පෙළ ක්‍රිකට්‌ තරගයක සිදුවූ බවට චෝදනා ලද තරග පාවාදීමේ වාර්තාව යම් යම් මතභේද සහ සාක්‌කි වෙනස්‌ කිරීමට දරන උත්සහයන් හමුවේ යට ගැසීමේ කුමන්ත්‍රණයක්‌ තිබෙන බවට වාර්තා වේ.

මෙම තරග පාවාදීමේ වාර්තාව පිළිබඳව පරීක්‍ෂණ සිදුකිරීමට භාරදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ උප සභාපතිවරයකු වන කේ.මතිවානන් මහතාටය. ඔහු එම පරීක්‍ෂණ සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත්කර ඇති අතර එම කමිටුව විසින් සපයන ලද වාර්තාව මේ වන විට අස්‌ථාන ගතවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ වාර්තාව යට ගැසීමේ කුමන්ත්‍රණයක්‌ තිබේද එම වාර්තාවේ වත්මන් තත්ත්වය කුමක්‌දැයි ඒ සම්බන්ධව ක්‍රියා කරන නිසි බලධාරියා වන කේ.මතිවානන්ගෙන් විමසන ලදුව, “කිසිම අවස්‌ථාවක මේ වාර්තාව යට ගහන්න කාටවත් මම ඉඩ තියන්නෙ නැහැ. මේ තරග පාවාදීමේ වාර්තාව මගේ අතට තවම ලැබුණෙ නැහැ. මොකද මම පසුගිය දවස්‌වල විදෙස්‌ගතව සිටියේ. ඉදිරි සති දෙක ඇතුළත අනිවාර්යයෙන්ම මේ පරීක්‍ෂණයේ වාර්තාව මම එළියට දාන්න කටයුතු කරනවා. මේ වාර්තාවත් එක්‌ක කාටවත් “ගේම් ගහන්න” බැහැ.” යනුවෙන් පැවසීය.

මීට මාස හතකට පමණ පෙර කලුතර කායවර්ධන කවය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර කළුතර මග්ගොන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ සිදුවූ බවට සැක කෙරෙන තරග පාවාදීම වරාය අධිකාරිය විසින් පැමිණිලි කර තිබේ. කෙසේ වෙතත් මාස කිහිපයක්‌ ගත වුවද සතියකින් හෝ දෙකකින් එළියට දමන බව කියන මෙම වාර්තාවට තවමත් බාලගිරිදෝෂය වැළඳී තිබීම මෙරට ක්‍රිකට්‌වලට කෙරෙන අහිතකර තත්ත්වයක්‌ බවට තතු දත් උදවිය පවසති.

“මේ වාර්තාවෙ හරි දේ එළියට දාන්න බැරිනම් මම මෙතන ඉඳල වැඩක්‌ නැහැ. අනිවාර්යයෙන්ම මේ වාර්තාවේ වරදක්‌ වෙලා තියෙනවනම් ඒ සියලු දෙනාට නිසි දඩුවම් දෙන්න මම ක්‍රියාකරනවා. ඒක කාටවත් වෙනස්‌ කරන්න බැහැ. සමහරු කියනවා මගේ අතට වාර්තාව හම්බ වෙලා කියලා. තවම නම් මගේ අතට වාර්තා ලැබුණෙ නැහැ. මේක ප්‍රමාද වුණේ සාක්‌කි ලබාදෙන්න නියමිත පාර්ශ්ව ඒ සඳහා අවශ්‍ය සහය ලබා නොදීමයි. එක වෙලාවක ක්‍රීඩා සමාජ දෙකම මේ පරීක්‍ෂණ මග හැරියා.” යෑයි මතිවානන් මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ඉහළ තනතුරුවලට සම්බන්ධ පුද්ගලයකු එක්‌ ක්‍රීඩා සමාජයක නිලතල දැරීම මත මෙම වාර්තාව යට ගැසීමේ කුමන්ත්‍රණයක්‌ ඇතැයි චෝදනා පළවේ. කෙසේ වෙතත් මේ සියලු චෝදනා වලට පිළිතුරු සපයන අදාළ වාර්තාව සැපයීම සඳහා අසේල රැකව මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත්කර තිබේ.

lankaflix

fox final 0728 mirror