අපේ අය කිට්ටුවට ඇවිත් දැවී ගියා, ඉන්දියාව ශතක ලබා ගෙන ඉදිරියටම ගියා

අපේ අය කිට්ටුවට ඇවිත් දැවී ගියා, ඉන්දියාව ශතක ලබා ගෙන ඉදිරියටම ගියා

ගාලු තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් වනු ඇති බව තමා තරගයට පෙර සිටම කියා සිටි බව නායක රංගන හේරත් මාධ්‍ය හමුවේදී මතක් කර දුන්නේය.

“තණතීරුව අපි මේ විදියට සකස් කළේ අපට යම් සැලැස්මක් තිබුනු නිසායි කියලා මම හිතනවා. මෙය පිතිකරුවන්ට වාසිදායක වේවි කියලා මම තරගයට පෙර කිව්වා. නමුත් මම හිතුවේ තරගයේ අවසන් දිනවල එය පන්දු යවන්නන්ට උපකාරී වේවි කියලයි. ඒක එහෙම වුනේ නැහැ. තණතීරුවේ ස්වභාවය ගැන ප්‍රධාන වගකීම අපි ගන්න ඕන. ඒ තණතීරුවේ අපි හොඳින් පන්දු යැවුවේවත්, පන්දුවට පහර දුන්නේවත් නැහැ. වෙන කිසිම කෙනෙකුට දොස් කියන්න අපට බැහැ. අපේ ප්‍රශ්න අපි විසින්ම විසඳා ගත යුතුයි“ හේරත් කීවේය.

ශ්‍රී ලංකාව මීට වඩා දක්ෂ කණ්ඩායමක් බව හේරත් පවසා සිටියේය.

“පැහැදිලිවම, අපි මීට වැඩිය හොඳින් ක්‍රීඩ කළ හැකි කණ්ඩායමකි. අපේ ප්‍රතිවාදී කණ්ඩායමක් ලකුණු 600ක් ගත්තේ ගොඩ කාලෙකට පස්සෙයි. අපි මීට වඩා හොඳින් පන්දු යැවිය යුතුව තිබුනා. ෂිකර් ධවාන් වෙනුවෙන් අපි ළඟ සැලැස්මක් තිබුනා. නමුත් එය ක්‍රියාත්මක කරන්න අපට බැරිවුනා.“

“පිතිකරණයේදීත් අපේ අය ශතකය කිට්ටුවට ඇවිත් දැවී ගියා. නමුත් ඉන්දියා පිතිකරුවන් ශතක ලබා ගෙන ඉදිරියටම ගියා. අපි මේ තැන් හදා ගන්න ඕන.“ සාමාන්‍ය වශයෙන්, දඟ පන්දු යවන්නන්ට හිතකර ලොව එකම තණතීරුව තිබෙන්නේ ගාල්ල ක්‍රීඩාංගණයේය. නමුත් මේ තරගයේදී එය වාසි ගෙන දුන්නේ වේග පන්දු යවන්නන්ටය. වේග පන්දු යවන නුවන් ප්‍රදීප් ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් තරගයේ පළමු ඉනිමේදී කඩුලු 6ක් ලබා ගත්තේය.

lankaflix

fox final 0728 mirror