අනූෂා සොනාලිට සජිත්ගෙන් නිවසක් (වීඩියෝ)

අනූෂා සොනාලිට සජිත්ගෙන් නිවසක් (වීඩියෝ)

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සම්මානනීය සිනමා රංගන ශිල්පිනි අනූෂා සොනාලි මහත්මිය සඳහා අද (03) දින මොරටුව, අඟුලාන "සයුරුපුර" නිවාස සංකීර්ණයෙන් නිවසක් පරිත්‍යාග කරනු ලැබිණි.

කලක පටන් සොනාලි මහත්මිය මාංශපේශී ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් හේතුවෙන් ඇවිදගැනීමටද නොහැකි තත්ත්වයෙන් පසුවන අතර ඇගේ පුතනුවන් සහ මව සමඟ කුළී නිවසක ජීවත්විය. කිසිඳු ස්ථීර ආදායම් මාර්ගයක් නොතිබූ ඔවුන්ට හිතවතුන්ගේ උපකාර පමණක් ලැබුණු අතර ඇගේ පුතා විසින් ඇගේ එදිනෙදා වැඩ කටයුතු සියල්ල ඉටුකරනු ලැබීය. ඇගේ මවද මේ ආකාරයේම අසනීප තත්ත්වයකින් පසුවන බව පැවසේ.

ඇගේ මෙම අසරණබාවය හේතුවෙන් ඇයට අදාළ නිවාස සංකීර්ණයේ රුපියල් මිලියන 03ක් පමණ වටිනා නිවසක් පවරාදෙනු ලැබිණි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවති එම උත්සව අවස්ථාවට රන්ජන් රාමනායක මහතාද සහභාගී විය.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් ඇපකැප වන බවයි. ඒ අනුව මෙම වසරේ ඔක්තොම්බර් මාසය වන විට කලා ගම්මාන 25 ඉදිකිරීම තම අරමුණ වන බවද ඒ මහතා කියා සිටියේය. එමෙන්ම අනූෂා සොනාලි මහත්මියට නිවසක් නොලැබුණද ජීවන මඟේ සුරක්ෂිත බවක් නොමැති බැවින් ඔවුන්ට ස්ථීර ආදායමක් ලැබෙන පරිදි ඇගේ පුතණුවන්ට සුදුසුකම් අනුව තම අමාත්‍යංශයේ රැකියාවක් ලබාදීමටද කටයුුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට සහභාගී වූ රන්ජන් රාමනායක මහතා කියා සිටියේ කලා ක්ෂේත්‍රයේ මේ අකාරයට අසරණ වූ තවත් කලාකරුවන් සිටින බවත් ඔවුන් වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා වැනි අමාත්‍යවරයෙකුට කලා ක්ෂේත්‍රය බාරදීම වාසනාවක් කොට සළකන බවත්ය.

සම්පූර්ණ කතාව ඇතුළත් වීඩියෝව පහතින්

 

lankaflix

fox final 0728 mirror