ශ්‍රී ලංකාවේ නිදහස් දින සමරුවට විරෝධය පෑ දෙමළ උද්ඝෝෂකයන්ට මරණීය තර්ජනය හඟවන සංඥාවක් පෑමට ගිය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර තානාපති නිලධාරියාගේ වැඩ තහනම් කොට තිබේ.
උද්ඝෝෂකයන්ගේ ගෙල සිඳින බවට අභිනයෙන් දැක්වූ බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු ගේ හැසිරීම ආක්රමණකාරී බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
“මේ සම්බන්ධයෙන් ගත් කල, ආරක්ෂක උපදේශක ගේ වැඩ වහාම තහනම් කරන ලෙස 2018 පෙබරවාරි 6 දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට උපදෙස් දී තිබේ,” යි විදේශ අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වෙයි.
“යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකාවේ බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරනු ඇත.”
“අයෝග්‍ය, නොමනා සහ තර්ජනාත්මක” ලෙස හැසිරුනු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ තානාපති වරපත්ර අහෝසි කර පිටමං කරන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රී කණ්ඩායමක් එරට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුනි.
( උපුටාගැනීම ගඟන වෙබ්අඩවිය)