විසාකේස දෙරණ දිලිත් ට ලියපු සැර ලිපිය

විසාකේස දෙරණ දිලිත් ට ලියපු සැර ලිපිය

සිනමා අධ්‍යක්‍ෂවරයකු සහ නීතිඥයකු වන විසාකේස චන්ද්‍රසේකරම් විසින් දෙරණ මාධ්‍ය ජාලයේ සහ ට‍්‍රයිඇඩ්ස් වෙළඳ දැන්වීම් ප‍්‍රචාරක ආයතනයේ හිමිකරුවකු මෙන්ම ව්‍යාපාරිකයෙකු ද වන දිලිත් ජයවීර වෙත දීර්ඝ ලිපියක් සිය ෆේස්බුක් හරහා යොමු කර ඇත.

මේ ලිපිය කලාකරුවකු ලෙස මනුෂ්‍යයකු ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් මාධ්‍ය බාවිතය නිසි ලෙස හැසිරවීමේ වගකීම පිළිබඳව වූ ලිපියකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන අය ලෙස අපි මෙම ලිපිය මිරර්ආර්ට්ස් හි පලකරන්නෙමු.

හිතවත් ජයවීර අයියා වෙත ලියමි,

දෙරණ මාධ්‍ය ජාලය මෙහෙය වන ඔබ ගෙන් මා ඉල්ලා සිටින්නේ අපට ඔබේ මාධ්‍යන් හරහා ඇත්ත කියන ලෙසත් - මාධ්‍ය ආචාර ධර්ම රකිමින් අපක්ෂපාතීව කටයුතු කිරීමට ඔබගේ මාධ්‍ය කාර්ය මණ්ඩලයට පූර්ණ අවකාශ ලබා දෙන ලෙසත්ය.

මට ඔබව මුලින්ම හමු වූයේ 1992 වසරේ කොළඹ සරසවි‌යේ නීති පීඨයට මා ඇතුල් වූ අවස්ථාවේ ය. එදා මා දුටුවේ සහයෝගිතා ශිෂ්‍ය සංවිධානයෙන් නීති පීඨ ශිෂ්‍ය සභාවේ සභාපති ධූරයට තරඟ වදින ඉතා ප්‍රසන්න වූත් ධෛර්ය වන්ත වූත් තෙවන වසරේ ‘අයියා’ කෙනෙකි.

දෙරණ මාධ්‍ය ජාලය මෙහෙය වන ඔබ අද ලංකාවේ සිටින බලවතෙකි. ඔබ රාජපක්ෂ පවුලට නැවත බලය ලබා දීමට ඉතා උවමනාවෙන් සිටින බවත්, ඒ නිසාම ඔබට අයත් මාධ්‍ය නාලිකා රාජපක්ෂ පවුලට පක්ෂපාතී ලෙස පුවත් වාර්තා කරන ලෙසත් මට නොයෙක් වර අසන්නට ලැබී ඇත. ඉඳ හිට ඔබගේ විද්‍යුත් නාලිකා අසන දකින මට එම කථා වල සත්‍යතාවයක් ඇති බව ද පෙනී ගොස් ඇත.

අද අප සිටින්නේ පෙර නොවූ විරු ආකාරයේ බරපතල දේශපාන අර්බුදයකයි. මේ රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු සමස්ථ නීති පද්ධතියම බරපතල අරාජික ආගාධයක් පහලට වැටෙමින් සිටින බව නීති උපාධියක් ඇති ඔබට මා අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ආරාජික ආගාධයෙන් ගොඩ ඒමට ඔබට තනි පුද්ලයෙකු හැටියට කළ හැකි කාර්ය භාරය අපමණයි. ඔබව කෙලින්ම අමතමින් මා ඔබට ලියන්නේ ඒ නිසයි. ඔබගේ මාධ්‍ය ජාලය හරහා අපක්ෂපාතී ලෙස පුවත් වාර්තා කරණය කිරීමට ඔබගේ සේවකයන්ට අවසර දෙන ලෙසත් එසේ අපක්ෂපාතීව කට යුතු කරන සේවකයින්ව ආරක්ෂා කරන ලෙසත් මම ඔබගෙන් ඉල්ලා සිටිමි.

ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වන්නේ මට පමණක් නොවේ. වරින් වර මාරැ වන ආණ්ඩු වල බලපෑමෙන් තොරව ශිෂ්ඨ සම්පන්න ලෙස ඔබගේ ව්‍යාපාරය කර ගෙන යන්නට ඔබටද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවශ්‍යය. ඔබගේ දුවා දරුවන්ටද ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යය. යම් දිනෙක ඔබේ දරුවන් හෝ මුණුබුරන් ඔබ නියෝජනය කරන දේශපාලන පැලැන්තිය ප්‍රශ්ණ කරන්නට තීරණය කළහොත් ඔවුන්ගේ ආරාක්ෂාවටද ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යය.

රාජපක්ෂ පාලනයක් පැමිණියහොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දශක ගනනාවකට අතු ගෑවී යනු ඇති බවට හේතු අපගේ ඇස් පනා පිටම පෙනෙන්නට ඇත. රාජපක්ෂ පවුලට පක්ෂග්‍රාහී ලෙස ප්‍රවෘත්ති වාර්තා කිරීමට ඔබ අනු බල ‌දෙන්නේනම් ඔබට ඊට සෘජුව වග කියන්නෙකු වෙනු ඇත. රාජපක්ෂ පාලනයක් පැමිණියහොත් බර පතල ලෙස එදිරිවාදීන් දඩයම් කිරීම සිදු වෙනු ඇත. එසේ වුවහොත් ඔබගේ දෑතේ ලේ ගෑවෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ අගය ඔබට දැනුන එක දිනක් ඔබට මතක් කොට දී නිහඬ වන්නට මම අපේක්ෂා කරමි. 89 භීෂණ සමයේ උනුසුම යන්තම් මැකී යද්දී, 1992 වසරේ ඔබ නීති පීඨ නිලවරණයට තරඟ කරන අතර තුරේදී නන්නාඳුනන කණ්ඩායමක් විසින් ඔබව පැහැර ගෙන ගොස් වධ හිංසා කළා මතකද? වාසනාවකට ඔබගේ වධකයින් ඔබව නිදහස් කර හැරීමට තීරණය කර තිබිනි. පැහැර ගෙන යෑමෙන් සතියකට පසු ඔබ නීති පීඨයේ දේශනාගාරයකට පැමිණ කඳුලු පිරිණු දෙනෙතින් අප අමතූ හැටි ඔබට මතකද? මරණ භයෙන් ඔබ නිලවරණයෙන් ඉල්ලා අස්වූ ආකාරය ඔබට මතකද?

ප්‍රජාතන්ත්‍රවාදය අතු ගෑවී යන රටක තවත් කී දෙනක් එසේ මරණ භයින් තැති ගනු ඇත්ද? ඉතින් ඔබගේ ව්‍යාපාර කෙතරම් ඔබට මුදල් හම්බ කර දුන්නත්, තවත් සිය දහස් ගනනකට මරණ භිය අත් කර දී එසේ හම්බ කරන මුදල් වලින් ඔබට යහපතක් වෙයිද? ඇත්තටම එතරම් මුදල් කන්දරාවක් මොකටද? ඔබ - මම - අප තව කොපමන කලක්  නම් මේ පෘතුවියේ ජීවත් වෙයිද? ඒ ටික කාළයට අපට මේ තරම් බලය හෝ ධනය අවශ්‍යද?

මෙයට හිතවත්

විසාකේස චන්ද්‍රසේකරම් මල්ලි.

lankaflix

fox final 0728 mirror