මව් සෙනෙහස නැත නිම්මා මාෆියාවේ ඇත අම්මා

මව් සෙනෙහස නැත නිම්මා මාෆියාවේ ඇත අම්මා

වික්ටර් රත්නායකයන් කියන පරිදිම මව් සෙනහස යනු නොසිදෙනා උල්පතකි. ඒ උල්පත හිඳින්නට සම්ත් ඉඩෝරයක් තවමත් මේ මිහිපිට පහළ වී නැත.

එදා කිසා ගෝතමිය මළ දරුවාට බෙහෙත් සෙව්වේ ඒ උල්පත නොසිදුණු නිසාය. ලේනිය වල්ගයෙන් මුහුද සිදින්නට වෙර දැරුයේ ඒ උල්පත නොසිදුණු නිසාය. මේ සටහනේ කථා නායිකාව වන රේණුකා බාලසූරිය ද තම පුතු විශ්ව වෙනුවෙන් සිනමාව තුළ මාෆියා ගසන්නේ ද ඒ උල්පත නොසිදෙනා නිසාය.

සටහන ලිවීමට මත්තෙන්  නැවත නැවතත් කිව යුතු දෙයක් ඇත. මවක් ලෙස රේණුකා විශ්වට දක්වන සෙනෙහස පිළිබඳව අඹ මල් රේණුවකින් හෝ නිගාවක් කිරීම අප අරමුණ නොවේ. එමෙන්ම මින් විශ්වගෙ ගමන අඩපණ කිරීම ද අප අරමුණ නොවේ. රේණුකාගේ මව් සෙනෙහසට නැවත ගරු කරමින් අප මතු කරන්නේ රේණුකාගේ අන්ධ සෙනෙහස මෙරට සිනමාව තුළ මාෆියාවක් වී ඇති බව පමණකි.

පසුගියදා නිමාවූ සරසවි සම්මාන උළෙලේ හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමිවූයේ විශ්ව බාලසූරියටයි. ඒ තම සුළු පියාගේ සරිගම සිනමාපටය වෙනුවෙනි. එහි නිශ්පාදනය විශ්වගේ මව වූ රේණුකායි. වැඩි යමක් කිව යුතු නැත. චිත්‍රපටිය ෆේල්ය. අප දන්නා තොරතුරු නිවැරදි නම් ඉන් පාඩුව රුපියල් මිලියන 50කට ආසන්නය.

චිත්‍රපටිය අසාර්ථකවීම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ලැබීමට නුසුදුසුකමක්ය යනුවෙන් තර්කයක් නැත. නමුත් එම සම්මානය විශ්වට හිමිවන විට අනෙක් පසින් ඒ සඳහා සුදුසුකම් ලැබුවේ කවුරුන්ද යන්න සොයා බැලීම වටී.

චන්න දේශප්‍රිය

අප සැවොම දන්නා පරිදි චන්න මෙරට සිටින ප්‍රවීණතම කැමරා අධ්‍යක්ෂකවරයෙකි. ඔහුගේ සිනාමා කාචයෙන් හැඩවූ සිනමාපට 5ක් මෙවර සරසවි සම්මාන උළෙල නියෝජනය කළේය. ඒ

පත්තිනි             –           සුනිල් ආරියරත්න

ඇගේ ඇස අග   –           අශෝක හඳගම

සුළග ගිනි අරං   –           විමුක්ති ජයසුන්දර

මේ වගේ ආදරයක්        –           චන්ද්‍රන් රත්නම්

නිනෝ ලයිව්                 –           තිසර ඉඹුලාන

මේ චිත්‍රපට බලා ඇති පඨකයන්ගෙන් අප අසන ප්‍රශ්නය, චන්න දේශප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණය එතරම්ම සවුත්තුද?

මෙය සිදුවූයේ කෙසේද?

අරුණ ලොකුලියන

අරුණ ලොකුලියන යනු කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ආචාර්යවරයෙකි. මෙවර සරසවි සම්මාන උලෙලේ විනිශ්චය මණ්ඩලයේ මුලසුන හෙඹවූයේ ඔහුයි. ඔහුට අමතරව බුද්ධදාස ගලප්පත්ති, ගාමිණි වේරගම ආදීන් මෙන්ම අරුණගේ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක් වන සමන්තිකා ප්‍රියදර්ශනී විනිශ්චය මණ්ඩලය නියෝජනය කළහ.

අරුණ ලොකුලියන ද මේ දිනවල චිත්‍රපටයක් කිරීම සඳහා සිහින දකි. ලද තොරතුරු නිවැරදි නම් එහි අර්ථපතීත්වයට රේණුකා බාලසූරිය කැමැත්ත පළකර ඇත. ඒ මෙම කොන්දේසි දෙකකට යටත්වය.

  1. මෙවර සම්මාන උළෙලේ කැමරා අධ්‍යක්ෂණය සම්මානය තම පුතු විශ්වට ලැබීමට සැලැස්විය යුතුය.
  2. අරුණගේ චිත්‍රපටියේ කැමරා අධ්‍යක්ෂණය තම පුතු විශ්වට ලැබීය යුතුය.

මෙම සම්මාන සූත්‍රයේ සත්‍යතාව පිළිබඳව විනිශ්චය මණ්ඩලයේ නම සඳහන් කිරීමට අකමැති සාමාජිකයකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ එහි යම් සත්‍යයක් පවතින බවයි. එමෙන්ම මෙම සම්මාන බෙදිල්ලේ ජුගුප්සාව මදකින් හෝ සමනය කිරීමට හොඳම අධ්‍යක්ෂනය සම්මානය මෝටර් බයිසිකල් නම් ආධුනික මට්ටමේ සිනමාපටයක අධ්‍යක්ෂකවරයාට ලබාදීමට සිදුවූ බවට හෙතෙම පිළිගත්තේය.

රේණුකාගේ දාරක මාෆියාව

රේණුකාගේ දරු සෙනහස පිළබඳව අපි කිසි විටෙකත් උරණ නොවන යළිත් පවසමු. නමුත් අප රේණුකාට පවසන්නේ මේ අන්ධ දාරක ස්නෙන්හය නිසා මෙරට සිනමාවට සිදුවන හානියට ඩවා විශාල හානියක් ඈ පුතු විශ්වට සිදුකරන බවයි.

හෝමොන් දී හදන  බ්‍රොයිලර් කුකුළන් මෙන් කැමරා අධ්‍යක්ෂකවරුන් තැනිය නොහැක. ඒ සඳහා අවැසි පරිචයට ලැබීමට පෙර පොරකු ලෙස භෞතිස්ම කිරීමෙන් සිදුවන්නේ ඔබ පුතු නන්නත්තාරවීම මිස අන් කවරක්ද?

ආරංචි හැටියට දැවෙන විහඟුන්ගේ අර්ථපතීත්වය නිසා සංජිව පුශ්පකුමාරට ද දැන් ඊළඟ චිත්‍රපටයේ කැමරාව විශ්ව පුතුට භාරදීමට සිදුව ඇත. ප්‍රසන්න ජයකොඩිට ද තම දඩයක්කාරයා සිනමාපටය වෙනුවෙන් රේණුකාගේ මේ දාරක මාෆියාවට හසුවන්නට සිදුව ඇත. ඒ අතින් උං පවුය.

කළ හැක්කේ කුමක්ද?

රේණුකා ගේ මේ මාෆියාවෙන් සියයට සියයක් ගැලවීමට බොහෝ සිනමාකරුවන්ට බැරිය. නමුත් කළ හැක්කක් ඇත. ඒ රේණුකා බලය යොදවන සිනමා උළෙලවල් වර්ජනය කිරීමයි.

වෙනත් රටකනම් සිනමා ශිල්පියෙකුට සම්මානයක් හිමිවීමෙන් ඔහුගේ අර්ථික හා සමාජයීය අගය ඉහළ යයි. නමුත් ලංකාව, ඉතියෝපියාව, සෝමාලියාව වැනි මහා සිනමා කර්මාන්ත පවතින රටවල  එවැන්නක් කිසි විටකත් සිදු නොවේ. ඒ රටට මෙන්ම සිනමා ශිල්පීන්ට ද දැන් අපමණ අගයක් ලැබී ඇති නිසාවෙනි.

ඒ නිසා තාවකාලිකව හෝ මෙවන් සම්මාන උළෙලවල් වර්ජනය කිරීම අරුණ වැනි තක්කාඩි ඇදුරන්ට මෙන්ම රේණුකාලා වැනි කිසා ගෝතමියන්ට ද පාඩමක් වනු නොඅනුමානය.

lankaflix

fox final 0728 mirror