හැරී සහ මේගන්ට ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ආරාධනා

හැරී සහ මේගන්ට ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ආරාධනා

පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක්වූ විවාහ මංගල්‍යය වූයේ​ ඩයනා කුමරියගේ දෙවෙනි පුත් හැරී සහ ජනප්‍රිය නිළියක් වූ මේගන්ගේ විවාහයයි.

එම විවාහ උත්සවයෙන් පසුව හැරී සහ මේගන්ගේ මුල්ම විදෙස් සංචාරය ගැන නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය අනවාරණය කරනවා. ඒ අනුව මේ දෙපළ ලබන ඔක්තෝම්බර් මාසයේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ෆීජි සහ ටොන්ගෝ යන රටවල සංචාරය කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රජය විසින් හැරී සහ මේගන් හට මෙම සංචාරය සඳහා ආරාධනා කර තිබෙන බවයි වාර්තා වන්නේ. හැරීගේ මව සහ පියා වන ඩයනා කුමරිය සහ චාර්ල් කුමාරයාගේ විවාහයෙන් පසු ප්‍රථම විදෙස් සංචාරයක් ලෙස ගොස් ඇත්තේද ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට වීමත් විශේෂත්වයක්.

lankaflix

fox final 0728 mirror