චිත්‍රපටයක ආදර ජවනිකා රඟමින් සැමියා මැරූ බිරිද සහ අනියම් පෙම්වතා

චිත්‍රපටයක ආදර ජවනිකා රඟමින් සැමියා මැරූ බිරිද සහ අනියම් පෙම්වතා

පසුගියදා පාදුක්කේ තරුණ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ඔහුගේ බිරිඳ සහ අනියම් පෙම්වතා එක්ව සිදුකළ ක්‍රියාවක් බව අණාවරණය වී තිබේ.

මෙසේ ඝාතනයට තිබුණේ පාදුක්ක අරුක්වත්ත අමරසිංහ මාවතේ පදිංචිව සිටි කඹුරු ගොඩගේ ඩෙන්සිල් නමැති 36 හැවිරිදි තිදරු පියෙකු වන අතර රථ වාහන අලූත්වැඩියාව සහ ගෙවීමේ ක‍්‍රමයට භාණ්ඩ විකිණීමේ නිරතව සිටි ව්‍යාපාරිකයෙකි.

කැපුම් තුවාල රාශියක් සහිත ඔහුගේ සිරුර හමුවූයේ පසුගිය 27දා උදෑසනය. ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා පෙරේදා (26) දින රාත‍්‍රී ද නිවසට නොපැමිණි බැවින් විසින් දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගෙන ඇති මුත් එයට පිළිතුරු ලබා නොදුන් නිසා,

නැවතත් (27) අලූයම ද දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගෙන ඇති අතර එයට ද පිළිතුරු ලබා නොදුන් නිසාවෙන් උදෑසන පැමිණ ව්‍යාපාරික ස්ථානයේ සොයා බැලීමේදී ඒ අසල කැපුම් තුවාල රාශියක් සහිතව වැටී සිටි ව්‍යාපාරිකයා දැක පාදුක්ක පොලිසියට දැනුම් දුන් බව ඔහුගේ බිරිඳ පවසා තිබිණි.

මෙම ඝාතනය වෙනත් තැනක සිදු කර ව්‍යාපාරික ස්ථානය අසලට ගෙනවිත් දමන්නට ඇති බවට පොලිසිය මුලින්ම සැක පහළ කර අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ මිරිහාන අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මිරිහාන පොලිස් කොට්ඨාසයේ පොලිස් නිල සුනඛ ‘‘සාරා’’ ද කැදවා පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

කෙසේ වෙතත් වැඩිදුර පරීක්ෂණ කටයුතු වලදී අණාවරණය වී ඇත්තේ මෙම ඝාතනයට අනියම් පෙම් සබඳතාවක් හේතු වී ඇති බවයි.

මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ඇගේ අනියම් පුරුෂයා එක්ව මෙම ඝාතනය සිදුකර ඇති අතර සිද්ධිය වූ දා රාත්‍රියේ සැකකාර කාන්තාව අදාළ ව්‍යාපාරික ස්ථානයට ගොස් ඇත.

පසුව එහි ගෘහ භාණ්ඩ අළුත්වැඩියා කරමින් සිටි ව්‍යාපාරිකයා සමග ආදර බස් දොඩමින් සිට සිප වැළද ගෙන සිටින අතරතුර පිටුපසින් පැමිනි අනියම් පුරුෂයා බව කියන තරුණයා විසින් ව්‍යාපාරිකයාගේ ගෙල ප්‍රදේශයට හා සිරුරේ කිහිප පලකට පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකොට තිබෙන බව වැඩිදුරටත් ආණවාරණය වී ඇත.

(ඡායාරූපය   සිදුවිමට අදාළ නොවේ )

lankaflix

fox final 0728 mirror