මිසිස් වර්ල්ඩ්  කිරුළ :මගෙන් සල්ලි ඉල්ලූවා මං ආවා – ටානියා

මිසිස් වර්ල්ඩ්  කිරුළ :මගෙන් සල්ලි ඉල්ලූවා මං ආවා – ටානියා

නිරූපණ ක්ෂේත්‍රයේ සිටින ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඇය නමින් ටානියා මෙලිසා ගුණතිලකයි.

ඇය මෙවර මිසිස් වර්ල්ඩ්  කිරුළ හිමි කර ගැනිම උදෙසා  තම මව් රට නියෝජනය කිරීම සඳහා පසුගියදා සිංගප්පූරුව බලා ගියාය. එම තරගය අවසන් වීමටත් පෙර ඇය නැවතත් ලංකාවට පැමිණියාය. ඒ ගැන අහන්න අපි ඇයට කතා කළා.

මේ රූ රැජිණ තරගය සඳහා කොහොමද ඔබ සහභාගි වෙන්නේ?

මලිත් රණසිංහ මට දුරකතන ඇමතුමක් දීලා කිව්වා මෙවැනි පැජන්ට් එකක් තියෙනවා මිසිස් වර්ල්ඩ්වයිඩ් කියලා. ඒකට යන්න පුළුවන්ද කියලා. මම මුලින්ම ගණන් ගත්තේ නැහැ. ඒත් මලිත් දිගින් දිගටම කතා කළා. මම මෙවැනි තරගවලට සහභාගි වුණේ නැහැ. මොකද ඒ තරග ගැන මට විශ්වාසයක් තිබුණේ නැහැ.

ඇයි මේ කිරුළ සඳහා වැඩි ප්‍රචාරයක් නොලැබුණේ?

මේ තරගය සඳහා ලංකාවෙන් නොමිනේට් කරලයි යවන්නේ. මාව තමයි මලිත් ලංකාවෙන් යවන්න තීරණය කළේ.

රූ රැජින තරග සඳහා කිසි විශ්වාසයක් නැත්නම් ඇයි මේ තරගය සඳහා ලංකාව නියෝජනය කරන්න හිතුවේ.

මට මලිත් කීවා මේ පැජන්ට් එක ගොඩක් හොඳයි. මේ පැජන්ට් එක සංවිධානය කරන කාන්තාවත් හොඳ කෙනෙක් කියලා. මම මේ තරගය ගැන හොයලා බලද්දී මට හිතුණා පිළිගැනීමක් තියෙන තරගයක් කියලා.

තරග කරන අනෙක් තරගවලින් ටානියට අවස්ථාව නැතිවෙයි කියන බය නිසාද මෙවැනි නොමිනේට් තරගයකට සහභාගි වුණේ?

එහෙම දෙයක් නැහැ. මට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා තරගයක් සඳහා තරගවදින්න. ඒ විශ්වාසයත් එක්ක තමයි මම අපේ රටට ජයග්‍රහණයක් ලබාගන්නවා කියන ච්ෙතනාවෙන් මේ තරගෙට ගියේ. මම හැමදේටම හොඳට ලෑස්ති වුණා. පුදුම විශ්වාසයකින් මම මේ තරගෙට ගියේ.

කවදද මේ තරගය පවත්වන්න තීරණය කරලා තිබුණේ?

ජූනි 24 සිංගප්පූරුවේ තමයි මේ තරගය පවත්වන්න තීරණය කරලා තිබුණේ. ලංකාවෙන් මම පිටත් වුණේ 20 වෙනිදා. මිසිස් වර්ල්ඩ් වයිඩ් 2018 කියන තරගෙට. රටවල් 25ක තරගකාරියන් සහභාගි වුණා.

ඇයි මේ තරගය නියෝජනය කරන්න ගිහින් හදිසියේ ලංකාවට එන්නේ?

මම තරගයට සහභාගි වෙන්න කලින් ඒ තරගය සංවිධානය කරපු කාන්තාව මට මැසේජ් එකක් එව්වා ලක්ෂ දෙකයි හැත්තෑ පහක් ලෑස්තිද කියලා ඇහුවා. විශේෂ කිරුළකට එයා මගේ රටේ නැෂනල් ඩිරෙක්ටර් එක්ක ඒ ගැන කතා කරලා තියෙන්නේ කියලා කිව්වා. එතනදි වුණ දේවල් එක්ක මට ලංකාවට එන්න හිතුණා.

ඇයි එහෙම සල්ලි ඒ ක්‍රවුන් එකට ඉල්ලද්දී ඔබ මේ තරගෙට සහභාගිවෙන්න තීරණය කළේ?

විශේෂ ක්‍රවුන් එකටනේ එහෙම සල්ලි ඉල්ලුවේ. ඒ නිසා මේ තරගෙට යන්න ඕන කියලා. ඒ වෙනකොට මම හැම දේකටම ලෑස්තිවෙලා හිටියේ.

ලක්ෂ දෙකහමාරට අමතරව ටානියාගෙන් මුදල් ඉල්ලුවද?

මලිත් මගෙන් ලක්ෂ පහක මුදලක් ඉල්ලගත්තා මට යන වියදම්වලට කියලා. මම ඒ මුදල් ඔහුට දුන්නා. අනෙක් රටවල තරගකාරියන් මුණගැහුනම ඔවුන්ගෙන් ඇහැව්වම ඔවුන් මට කීවා ඔවුන් මේ තරගෙට සහභාගිවෙන්න මුදල් වියදම් කළේ නැහැ. ඔවුන්ට ටිකට් එක පවා ලැබුණා කියලා. ඒ රටවල තමන්ගේ රට නියෝජනය කරන කෙනාට අනුග්‍රාහකයෝ හිටියට අපේ රටේ මෙවැනි තරගවලට කිසිම අනුග්‍රාහකයෙක් හොයාගන්න බැහැ.

සල්ලි නොදුන්න නිසාද ඔබ ඒ තරගෙට දිගටම සහභාගි නොවන්නේ?

මට තිබුණා සල්ලි දීලා ඒ ක්‍රවුන් එක ගන්න. ඒත් මට එහෙම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ සල්ලි නොදෙද්දී එයා මට සලකන විදිය පවා වෙනස්වෙන්න ගත්තා. මගේ රට නියෝජනය කරන්න සූදානම් කරගත්ත ඇඳුමට එයා අපහාස කළා. හිනාවුණා. මාව පහත් කරලා සැලකුවා. මම එක දවසක් තරග කරන්න සහභාගි වුණේ නැහැ. මම හිතුවේ සල්ලි ඉල්ලපු නිසා මට එහෙම නිකන් හිතෙනවා කියලා. ඒත් හිත හදාගෙන මම නැවතත් තරග කරන්න ගියත් ඒ කාන්තාව මට අපහාස වන විදියටයි හැසිරුණේ. ඉතින් මම ඒ තරගෙන් ඉවත් වුණා. මෙයාට සල්ලි නොදී තරගයට ගියොත් මාව විහිළුවකට ගනීවි, මගේ රටට අපහාස කරාවි කියල මමත් මගේ හස්බන්ඩ් එක්ක ඒ හෝටලෙන් ඉවත් වුණා. මාත් එක්ක මගේ වේශ නිරූපණ ශිල්පියත් මේ තරගය සඳහා පිටත් වුණා.

නැත්නම් ඒ තරගකාරියන් දැක්කහම ටානියාගේ ආත්ම විශ්වාසය නැතිවුණාද? මේ තරගයෙන් ටානියාට අන්තිම තරගකාරියන් අතරට වත් තේරී පත්වෙන්න බැරිවෙයි කියලා.

එහෙම ආත්ම විශ්වාසය නැති වුණේ නැහැ. මට ආත්ම විශ්වාසයක් ඇතිවුණා මට අපේ රටට කීර්තියක් ගේන්න පුළුවන් කියලා. ඒ දේ අර ගෑනු කෙනා මලිත්ටත් කියලා තිබුණා. ඔයාගේ රටේ කෙනාට හැම සුදුසුකමක්ම තියෙනවා කියලා. ඒ විශ්වාසයෙන් තමයි එහෙ තරගවදින්න ගියේ.

ඔයා මේ ගැන මලිත්ව දැනුවත් කළාද?

මම එයාට මේ ගැන කීවහම එයා කීවෙ මේ තරගය අවසන් වෙනකම් ඉඳලා එන්න කියලා. මම කොහොමද මගේ රටට අපහාස කරද්දී එතන ඉන්නේ. ඒකයි මම තරගෙන් ඉවත්වුණේ. ඒ ගෑනු කෙනා හිතුවේ මම මුදල් ගෙවලා ඒ විශේෂ කිරුළ ගනීවි කියලා. මට හිතුණේ ඒ කිරුළත් මුදල්වලට දෙනව නම් අනිත් කිරුළත් මුදල්වලට විකිණෙනවා කියලා.

ටානියාට මොනවද හිතෙන්නේ?

ඇත්තටම මට කනගාටුවක් තියෙනවා. මොකද අද හැමෝම සල්ලි දීලා තමයි නැෂනල් ඩිරෙක්ටර්ලා වෙන්නෙ. හැමෝම තමන්ට ඕන ඕන විදියට පැජන්ට් කරනවා. ඒ රටවල ශ්‍රී ලංකාවේ නමට තැනක් දෙන්නෙ නැහැ. අද හැමදේම වෙන්නේ මුදල් මත. රූ රැජනක් වෙන්නෙත් මුදල්වලින්. මුදල් දීලා ගන්න කිරුළකින් වැඩක් නැහැ. මේ දේවල් එක්ක ලොකු කනගාටුවක් තියෙනවා. මම නිරූපණ ක්ෂේත්‍රයෙන් ටික කාලයක් ඉවත්වෙලා හිටියා. දැන් මම දන්නවා ලංකාවේ තියෙන ගොඩක් තරගවල මෙවැනි දේවල් බහුලව සිදුවෙනවා කියලා. අද හැමදේම මුදලට විකිණෙනවා.

ටානියා එහෙදී තරග නීති කඩලා නැෂනල් ඩිරෙක්ටර් මලිත්

මේ මිසිස් වර්ල්ඩ් වයිඩ් තරගය සඳහා මෙරට තරගයක් සංවිධානය නොකර ඇයි තෝරාපත් කරගැනීමත් කරන්නේ?

ඇය නොමිනේට් කරලා තමයි මම මේ තරගය සඳහා යවන්නේ.

මේ තරගය සඳහා ටානියාගෙන් ලක්ෂ පහක මුදලක් ලබාගත්තා කියන්නේ ඇත්තද?

ටානියාගේ වියදම්වලටයි මම ඒ මුදල් ගත්තේ.

a 2

අන්තර් ජාතික සංවිධායකවරුන් මේ තරගය සඳහා සහභාගි වන තරගකාරීයන් සඳහා වියදම් දරන්නේ නැතිද?

ඇයි මම කෙනෙක්ව පැජන්ට් එකකට යවන්නේ. ඇයි මම ලක්ෂ පහක් හයක් වියදම් කරලා කෙනෙක්ට කිරුළක් අරන් දෙන්නේ? මම එහෙම කළා කියලා මට මොනවද ලැබෙන්නේ? ලෝකේ ඕනතරම් රූපරාජිනි තරග තියෙනවා. ඒවාට ඕනම කෙනෙක්ට ඉල්ලුම් කරලා යන්න පුළුවන්. නමුත් සමහර තරගවලට නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් නැතුව තරගකාරියන්ගේ අයදුම්පත්‍ර භාර ගන්නේ නැහැ. එයාගේ හැම වියදමක්ම දරලා මට හම්බවෙන ප්‍රතිලාභය මොකක්ද?

ඇත්තටම ප්‍රතිලාභයක් නැත්නම් ඇයි නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නේ?

අන්තර්ජාතික තරගයකට යනව නම් අපි ඒ අයට මුදල් ගෙවන්න ඕන. මම කාන්තාවෝ දහයක් ලංකාවේ රැජිනක් කරලා යැව්ව නම් මට ලක්ෂ පනහක් වියදම් වෙනවා. මට ඒ මුදල් තියාගෙන බිස්නස් එකක් කරන්න තිබුණනේ. මම තරගකාරියන්ගෙන් සල්ලි ගන්නේ ඒ අයගේ වියදම්වලට මිසක් මට ‍නෙවෙයි. තරගකාරියන් තමන්ගේ වියදම් දරාගන්න ඕන.

මේක ලංකාවට විතරක් ‍නෙවෙයි ලෝකෙම තරගකාරියෝ මෙවැනි තරගවලට සහභාගිවෙන්නේ ඒ අයගේ වියදම් දරාගෙන.

නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් ලෙස තේරී පත්වෙන්න ඕන සුදුසුකම් මොනවද?

ඒ ගැන පත්තරේට කියන්න මට අවශ්‍ය නැහැ. මම අන්තර්ජාතිකව තමයි ඒක අරගෙන තියෙන්නේ. ඒකට සුදුසුකම් මොනවද අහන්න පත්තරේකට අවශ්‍ය නැහැ. ගැටලුවක් තියෙනවා නම් අන්තර්ජාතිකව මගෙන් ප්‍රශ්න කරාවි. මට කොහෙත්ම පාරේ යන මිනිස්සුන්ට මගේ සුදුසුකම් කියන්න අවශ්‍යතාවක් නැහැ.

මේ තරගයේ විශේෂ කිරුළක් සඳහා ටානියාගෙන් මුදල් ඉල්ලපු බවට මලිත් දැනුවත් කළේ නැද්ද?

ඇය මට කීවා. නමුත් ඒ විශේෂ කිරුළ සඳහා අනුග්‍රහයක් ලෙස මුදල් ඉල්ලලා තියෙන්නේ. නැතුව ප්‍රධාන කිරුළවල් සඳහා ‍නෙවෙයි. එතන වංචාවක් වෙලා නැහැ කියලා මම කියනවා. ඒ රටේ ඉන්න තරගකාරියෝ දැක්කහම විශ්වාසයක් නැතිවුණ නිසයි. ඇය නැවත ලංකාවට එන්නේ. ටානියා හිතින් මවාගෙනයි තිබුණේ ඇයට ජයග්‍රහණයක් කරන්න බැහැ කියලා. ඒ නිසයි ඇය ලංකාවට එන්නේ. කිසිම මිනි පැජන්ට් එකකට සහභාගි නොවී කොහොමද එයා කියන්නේ මේ තරගය ජයග්‍රහණය කරන්න බැහැ කියලා. මම ටානියට කිසිම උපදේශයක් දුන්නෙ නැහැ. සල්ලි දීලා කිරුළක් ගේන්න කියලා. මම නිතරම කීවේ ඇයට තරගයට සහභාගිවෙන්න කියලා. මම එහෙනම් ඇයට කෙලින්ම කියනවා මෙච්චර මුදලක් කිරුළට ඕන. එහෙනම් සල්ලි හදාගෙන ඒ කිරුළ ගේන්න කියලා. අපට තරගයක් සඳහා යන්න විශ්වාසය ඕන. මම මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැහැ. අන්තර්ජාතික තරගයක නිති රීති තියෙනවා. තරගකාරියන් එක්ක තමයි හොටෙල් කාමරේ ඉන්න ඕන කියලා. නමුත් ටානියා හිටියේ එයාගේ සැමියා එක්ක. එයා පළවෙනි දවසේම ඒ නීති රීති කඩලා තිබුණා. ඇය තමයි පළවෙනි දවසෙම ප්‍රශ්න ඇතිකරලා තියෙන්නෙ.

මෙයා තරගෙට සහභාගි නොවී සැමියා එක්ක ඇවිදින්න ගිහින් තියෙනවා. මම මේ දේවල් කතාකරන්නෙ නැත්තේ ලෝකේ ඉස්සරහ මගේ රට අපහසුතාවට පත්වෙන නිසයි.

තිළිණි කරුණාරත්න

a 4

a 5

a 6a 7

a 8

a 11

a 11

a 12

a 13

a 14

a 15

a 16

a 17

a 18

a 19

a 20

a 21

lankaflix

fox final 0728 mirror