පාසල් ළමුන්ට විදිමත් ලිංගික දැනුමක් ලබා දිය යුතුයි - සුජාත පුත්‍ර ගුරුතුමිය ජනප්‍රිය නිරූපන ශිල්පිනි ඩයනා

පාසල් ළමුන්ට විදිමත් ලිංගික දැනුමක් ලබා දිය යුතුයි - සුජාත පුත්‍ර ගුරුතුමිය ජනප්‍රිය නිරූපන ශිල්පිනි ඩයනා

ඩයනා කේ හෙට්ටිආරච්චි යනු ප්‍රවීන නිරූපන ශිල්පිනියකි. මේ වන විට ඇය ක්‍ෂත්‍ර ගණනාවක දක්‍ෂතාවයන් පෙන්වමින් තිබේ.

වෘතියෙන් ගුරුවරියක් වන ඩයනා රංගනය, නිරූපණය මෙන්ම තිර පිටපත් රචනයෙන්ද තම හැකියාවන් මතු කර තිබේ. පහතින් පල වන්නේ ඩයනා සමග පැවැත් වූ සුන්දර කෙටි පිළිසඳරක සටහනකි.

ඔබ ගැන අපට හැදින්වීමක් කලොත්..?

මම වෘත්තියෙන් ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්. රැකියාව ගුරු වෘත්තීය වුනත් මගේ  විනෝදාංශය තමයි නිරූපණය සහ රංගනය, ඒ වගේම තිරපිටපත් රචනයත් කරනවා.

කොහොමද ඔබ කලා ක්‍ෂත්‍රයට පිවිසෙන්නේ..?

මම කලා ලෝකයට එන්නේ 2012 වර්ෂයේ. ඒ “පුජනියයි ආදරේ” සිනමා නිර්මාණය තුලින්. මට ඊට පස්සේ මියුසික් විඩියෝස් වාගේම වෙළද දැන්වීම් ගණනාවකට රංගයෙන් දායක වෙන්න අවස්ථාව මට ලැබුණා. එහෙම ආව ගමන් මගේදී මාව 2015 වන විට චරිතයක් විදියට ස්වාදීනව හදුනා ගන්නව රසිකයන් අතරත් කලා ලෝකය තුලත්

01 1

ඔබ ක්‍ෂත්‍ර ගණනාවක වැඩ කරනවා මේ අතරින් ඔබ මුල් තැන දෙන්නේ කුමකටද..?

මගේ ජිවිතේ මුල් තැන දෙන්නේ මගේ ගුරු ජිවිතයට, මම සම්බන්ද වෙන අනිත් සියලුම කාර්යයන් තියෙන්නේ දෙවෙනියට. ගොඩක් වෙලාවට මට කලා කටයුතු වලට තිබෙන ඉල්ලීම් විශාල ප්‍රමාණයක් මග හැරෙනවා මගේ ප්‍රධාන රැකියාව නිසා.

සමාජ මාධ්‍ය මගින් නිරූපන ක්‍ෂත්‍රයට ලැබෙන දායකත්වය කොහොමද..?

ගොඩක් අය කිසිම අරමුණක් නැතිව තමයි සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ. එත් මම කියන්නේ දැනුමක් සහ හැදෑරීමකින් පසු නිරූපන ක්‍ෂත්‍රයට එනවානම් විශාල ඉඩක් තිබෙනවා. එහෙම කලොත් සමාජ මාධ්‍ය තුලිනුත් ලොකු උදවුවක් ගන්න පුළුවන්.

ආදරය ගැන හැගීමක් ඔබට මොන වයසේද දැනුනේ..?

මට සුන්දර පාසල් කාලයක් තිබුනා. මට ආදරයක් ගැන හැගීම ඇත්තටම දැනුනේ පාසල් අවදියේම තමයි.

නිරූපන ක්‍ෂත්‍රයට පැමිණෙන නවකයින් ගැන මොකද්ද ඔබේ අදහස..?

සමහරුන් හොද හැදෑරීමකින් පසුවයි නිරූපනයට එන්නේ එත් සමහරු එහෙම නැහැ. මම හිතන්නේ ඔය කොහොම ක්‍ෂත්‍රයට අවත් එහි රැදී සිටීමට නම් පිනක් තිබිය යුතුමයි.

FB IMG 1507535490229

ලංකාවේ  ගොඩක් දුරට නිරූපන කලාවට වඩා ඡායාරූප තුල මතු කරන්නේ නිරුවත මේ ගැන ඔබ මොකද හිතන්නේ..?

ඒක ගොඩක් දුරට වෙන්නේ කැමරාව පමණක් අතේ අරන් එන අය අතින්. එහෙම ඡායා රූප තුලින් එලියට එන්නේ ඡායාරූප ශිල්පියාගේ සහ නිරූපිකාවගේ මදිපුංචිකමේ තරමයි.

ඔබ තිරපිටපත් රචිකාවියක් කොහොමද ඒ වැඩ කටයුතු..?

මම තිරපිටපත් රචනා කල “ කෝකිල වංශය” චිත්‍රපටිය ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න තියෙන්නේ. චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ ශ්‍රීපාලි හෙට්ටිආරච්චි විසින්. සමාජයේන් සිදු වුනු වැරද්දක් නිසා ලස්සනට ඉන්න පවුලකට සිදු වෙන ඉරණම  චිත්‍රපටිය තුළ කතා වෙනවා.

අවසානයට කියන්නකෝ මොනවද ඉදිරි බලාපොරොත්තු..?

මගේ බලාපොරොත්තුවක් තියනවා අධ්‍යක්ෂනයට පිවිසෙන්න. ඉදිරියේදී ඒ  බලාපොරොත්තුව ඉස්ට කර ගැනිමට හැකි වේවි. ඒ වගේම මම හිතන් ඉන්නව ළමයින් වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කිරීමට. මොකද ගොඩක් ළමයින්ට ලිංගික දැනුමක් නැහැ. ඒ පිලිබදව නිවැරදි අවබෝදයක් ලබා දීම සදහා වැඩසටහනක් ආරම්භ කිරිමට මම හිතන් ඉන්නවා.   

සටහන- එස් සඳරුවන්/  අසිපත් මුතුකුමාරණ 

lankaflix

fox final 0728 mirror