කලා ක්‍ෂත්‍රයේ ස්ථාවර සහ හෙමින් ගමනක් යන්නයි මගේ අරමුණ; නවක නිලි අනුත්තරා දසනායක

කලා ක්‍ෂත්‍රයේ ස්ථාවර සහ හෙමින් ගමනක් යන්නයි මගේ අරමුණ; නවක නිලි අනුත්තරා දසනායක

බලාපොරොත්තු ගොන්නක් පොදි කරගෙන පුංචි තිරයට සෙමින් සෙමින් පිය මනින සිහින සිත්තරාවිය ඇයයි. ඇයගේ උපතින්ම ලද මන බදින සුකොමල භාෂාවිලාසය නිසාම  ක්‍ෂත්‍රය තුළ ඇය හදුනන්නේ  “ නව පරපුරේ සුරතලිය” ලෙසිනි. ඇය නමින් අනුත්තරා  දසනායකයි.

හිරු නාලිකාවේ විකාශය වෙන “බටහිර අහස” ටෙලි නිර්මාණයටද ඇයගේ රංගන දායකත්වය ලබා දී තිබේ. පහතින් පල වන්නේ ඇය සමග කළ සුන්දර කතා බහක චුටි සටහනකි.

රංගනයට කලින් ඔබ නිරූපිකාවක් කියලයි අපිට ආරංචි.?

(සිනාසෙමින්) ඔව් අවුරුදු 16,17 වගේ කාලේදී bridal ෂූටින්ග් වලට සහභාගී වුණා. ඒ අවස්ථා මට ලැබුණේ අපේ ඥාති වෙන කෙනෙක් හිටිය නිරූපන ක්‍ෂත්‍රයට සම්බන්ද. ඉතින් ඔය මාර්ගෙන් තමයි කලා ක්‍ෂත්‍රයට එන්න ලැබුණේ.

ඔබේ  පාසල් අධ්‍යාපනය කොහෙද.?

මාගේ ගම  කොළඹ ඉදල ගොඩක් දුෂ්කර පළාතක. මම පාසල් අධ්‍යාපනය හැදෑරුවේ දබුල්ල සෙන්ට්‍රල් එකේ.

මේ ක්ෂේත්‍රය ලේසිද?

සමහරු නම් කියනවා මේ ක්ෂේත්‍රය ලේසී කියලා. ඒත් මගේ මතය නම් මේ නිරූපණය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මොකද අපි මේ ක්ෂේත්‍ර යේ ඉදිරියට යන්න ඕනේ නම් පියවරෙන් පියවර යන්න ඕනේ.

ආදරය කියලා හැගීමක් දැනුනේ කවද්ද.?

(සිනාසෙමින්) ආදරය ගැන මට හැගීමක් දැනුනේ,  ඇත්තම කිවොත් ඒ සාමාන්‍යපෙළ පංතියේදී. එහෙම හැගීමක් ඇති වුනේ මුලින් පෙනුමට තමයි. ඊට පස්සේ ගති ගුණ හොද නැති  නිසා ඒ සම්බන්දතාවය නැවැත්තුව.

26695489 1156620891134787 1656689221 o

පාසල් සමයේ අනු  කියන්නේ අවිහිංසක පෙම්බර චරිතයක්‌ද?

ඔව් මට ගොඩක් අය එහෙම කියලනම් තියනවා. ඒ මම ඉන්න විදිය නිසා වෙන්න ඇති.

ආදරය විදින්න ලිංගික සතුටත් ඕනද.?

ආදරයයි ලිංගිකත්වය කියන්නේ දෙකක්. මම හිතන්නේ නැහැ ආදරය විදින්න ලිංගික සතුට ඕනමයි කියලා.

ඔබ නිරුපනයෙන්  රංගනයට එන්නේ. කොහොමද දැනට රංගන  ක්‍ෂත්‍රයේ අත්දැකීම්.?

මම දැනට මියුසික් විඩියෝ පහකට පමණ සම්බන්ද වුණා. ටෙලි නාට්‍ය නම් “විමංශ”, “ බටහිර අහස” නිර්මාණ වලට සම්බන්ද උනා. ඉදිරියේදී විකාශය වීමට තියනවා මට රංගනයෙන් දායක වීමට ලැබුණු  “ගොම්මනේ අපි” ටෙලි නිර්මාණය .

ඔබ කාගේත් සිත් ගන්නා රුවැත්තියක් මේ වෙද්දී කාලය ගෙවෙන්නේ සුන්දර  ආදර කතාවක් එකක්ද.?

දැනටනම් එහෙම කෙනෙක් නැහැ.

මොනවගේ පෙම්වතෙක්ද බලාපොරොත්තු වෙන්නේ.?

ගොඩක් මට ආදරේ කරණ කෙනෙක් වෙන්න ඕන. ම්ම්ම් ඒ හැගීම් මට කියන්න තවම තේරෙන්නේ නැහැ.

ඔය හිත හොරා ගත්ත කෙනෙක් එහෙම ඉන්නවද දැනට.?

තවම එහෙම කෙනෙක් ගැන බලාපොරොත්තු ඇති වෙලා නැහැ.

කලා ක්‍ෂත්‍රයේ වැඩ වලට පවුලෙන් කොහොමද ලැබෙන සහයෝගය.?

මගේ පවුලේ අම්මයි, අප්පච්චි, මල්ලි ඉන්නේ ඉතින් මට හැමෝම උදවු කරනවා වැඩ කරන් යන්න.

අද වෙද්දී අනුත්තරා හෙමින් හෙමින් ටෙලි නිර්මාණ වලට ඇවිත් තියනවා චිත්‍රපට වලට දායක වෙන්න හිතල නැහැද.?

26732968 1156620804468129 1506545687 o

මට දැනට ආරාදනාවක් ලැබිලත් තියනවා. ඉදිරියේදී හොද නිර්මාණ ලැබුනොත් මම දායක වෙනවා

අවසානවශයෙන් කියන්නකෝ අනුත්තරාගේ ලොකුම බලාපොරොත්තුව මොකද්ද.?

ලංකාවේ ඉන්න දක්‍ෂ නිලියක් වෙන්න තමයි මගේ ආසාව.

සටහන- එස් සඳය/ ඒ අසිපත් 

26732273 1156620784468131 1937096181 o

26695102 1156620764468133 1804529955 o

26695987 1156620907801452 1479086186 o

 

lankaflix

fox final 0728 mirror