මන්මෝහන් සිංගේ ජීවිත කතාව සිනමාපටයකට

මන්මෝහන් සිංගේ ජීවිත කතාව සිනමාපටයකට

ඉන්දිය හිටපු අගමැති මන්මෝහන් සිංගේ ජීවිත කතාව පාදක කරගත් ''ද ඇක්සිඩෙන්ටල් ප්‍රයිම් මිනිස්ටර් " සිනමාපටය 2019 වසරේ දී තිරගත වීමට නියමිතය. එරට ප්‍රථම සික් ජාතික අගමැති චරිතයට ප්‍රවීන බොලිවුඩ් රංගන ශිල්පී අනූපම් කේර් පණ පොවන අතර ආහානා කුමාර්, අර්ජුන් මාතූර්, සුසේන් බර්නෙට්, අබ්දුල් අමින්,  අක්ශේ ඛන්නා, මනෝජ් ආනන්ද, මයික් ගැස්වේ ඇතුළු විශාල පිරිසක් චිත්‍රපටය සඳහා රංගනය සපයා තිබේ.

2014 දී සංජය බාරු රචිත Memoir of the same name කෘතිය පදනම් කරගනිමින් මයන්ක් තිවාරි ලියූ තිර පිටපතකට අනුව විජේ රත්නාකර් ''ද ඇක්සිඩෙන්ටල් ප්‍රයිම් මිනිස්ටර්” අධ්‍යක්ෂණයක් කර ඇත. 2004 සිට වසර 10 ක කාලයක් ඉන්දියාවේ අගමැති ධුරය දැරූ මන්මෝහන් සිංගේ ජිවිත කතාව තිරගත කෙරෙන්නේ ජනවාරි 11 ය.

lankaflix

fox final 0728 mirror