ශ්‍රී ලංකාවේ 3D චිත්‍රපට පෙන්වීම තහනම් කර ඇත..?

ශ්‍රී ලංකාවේ 3D චිත්‍රපට පෙන්වීම තහනම් කර ඇත..?

මේ දිනවල සමාජ ජාල ඔස්සේ පැතිර යන කතාවකි. ඊට ආණ්ඩුව සම්බන්ධ යැයිද පවසා ඇත. චිත්‍රපට සම්බන්ධ රාජ්‍ය ආයතන ද්විත්වය මීට වගකිව යුතු යැයිද ඒ චෝදනා එල්ල කරන්නන් ඇගිල්ල දිගු කරනවා. මගෙනුත් හැටහුටාමාරක් ඕක ඇහුවා. චූන් වෙන්න පුලුවන් උත්තරයක් දෙන්න හිතුවත් ඇත්ත කියන්න හිතුවා..

ඇත්තටම මෙහෙම විහිලු චෝදනාවක් එන්න ජනප්‍රිය චිත්‍රපටයක් එන්න ප්‍රමාද වෙන්න හෝ මොනව හරි වෙන්නම ඕනි. කලින් මෙහෙම චෝදනාවක් ආවා අර කුණුහරුප කිය කිය යන රතු හාදයා ද මොකාද ඉන්න චිත්‍රපටයකටයි, තව 'සියදිවි නසාගැනීමේ බලකාය' නමැති චිත්‍රපටයකටත්.
‍‍
මේවගේ සිදුවීම් වෙන්න හේතු තමා...

  1. ලෝක මට්ටමේ සමගාමී ප්‍රදර්ශනයන් වලදි සුපර් හිට් ෆිල්ම් වල තියෙන අධික ඉල්ලුම නිසා ඒ අය බෙදාහරින මුදල අසීමිත ලෙස ඉහළ දමනවා. ඒ වගේ මුදලකට ගෙනත් මේ පුංචි රටේ හෝල් 10ක විතර දාලා ඒක හොයන්න බැරි නං චිත්‍රපට ආනයනකාරයෝ ගෙන්වන්නෑ. සතියක් විතර ඩිලේ කරල පෙන්වනවා. උදා - සීරෝ
  2. A නමැති චිත්‍රපට ආනයනකරුවා ගිවිසුම් ගත වෙලා ඉන්නවා කියමු ඩිස්නි පික්චර්ස් එක්ක. එහෙම ඒ ඒ අය ඒ ඒ සමාගම් එක්ක ගිවිසුම්ගත වෙනවා. ඔන්න ඔය අතරෙදි එනව පික්සාර් හරි මොනා හරි බයිස්කෝප් එකක්. අනේ අර සමාගමේ තියෙන්නෙ පිච්චර් හෝල් දෙකයි ඒ දෙකේ 3D ප්‍රොජෙක්ටර් වල සර්විස් එකක් හරි රෙපෙයාර් එකක් හරි. ඉතින් ඒ අය කැමති නෑ අනික් හෝල් වලට සෙනග ගිහින් තමුන්ගේ බේස් එක කැඩෙනවට. කෙළවෙලාම පලයං කියල ගෙන්වන්නෑ. එක්කො සාමාන්‍ය පිටපත පමණක් ගෙන්වනවා.
  3. තවත් චිත්‍රපට තියෙනව, ලංකාවේ ආනයනකරුවා ගෙනත් විශාල මිලකට ලංකාව තුළ බෙදාහරිනවා. එතකොට සිනමාහල් හිමියෝ වර්ජනය කරන නිසා ඒක වෙලාවට පෙන්වගන්න බැරිවුණු අවස්ථා ඉතිහාසය තුළ සිද්ධ වුණා. එතකොටත් මොනා හරි අවුලක් යනවා
  4. තවත් සිනමා කෘති වල බෙදාහැරීම් ගාස්තු වලට අමතරව අදාළ තාක්ෂණික කාරණ අරබයා කර්තෘභාග ගෙවීම් නොකළහොත්, ඒ කියන්නේ එහි ත්‍රිමාණ සජීවිකරණ සමාගම් වලට ගෙවීම්, තාක්ෂණික උපාංග සදහා වන පේටන්ට් ගෙවීම් සිදුකරල නැත්තං අධිකරණ නියෝග පණවනව ඒවා බෙදාහරිනවට විරුද්ධව. එතකොටත් චිත්‍රපට වල යම් යම් වෙනස්කම් වෙලා එන්නේ.
  5. චිත්‍රපට වල රැගුම් පාලනය දැන් ලංකාවේ සිදුකරන්නෑ. නමුත් ලංකාවට ආනයනය කරන පිටපත එන්නේ ඉන්දියාවෙන් හෝ ආසියාතික රටකින් නම් මේ කලාපයේ ප්‍රදර්ශනය කරන පිටපත් වල සංස්කෘථික හේතුමත යම් යම් සංස්කරණ කටයුතු කරල තමයි ලංකාවට එන්නේ. ලංකාවේ සිනමා ආනයනකරුවන්ට ඒකට කරන්න දෙයක් නෑ.

ඔය වගේ හේතු තමා තියෙන්නේ. නැතුව ඔය වගේ සිල්ලර වැඩ කරන්න කිසිම ආණ්ඩුවක් තීරණය කරන්නෑ.

මනෝරම වීරසිංහ

lankaflix

fox final 0728 mirror