අද චීනේ දැඩි අන්තවාදී බවට පත්වෙලා

අද චීනේ දැඩි අන්තවාදී බවට පත්වෙලා

‘‘අද චීනේ දැඩි අන්තවාදී බවට පත්වෙලා. අද ජෝර්ජ් ඕවෙල් ජීවත් වුණානම් චීනයට අත්වී තිබෙන මේ ඉරණම ඔහුට පවා විශ්වාස කරන්න නොහැකි වේවි. අද චීනේ සිද්ධ වෙන කිසිදෙයක් මිනිස්සුන්ට දැනගන්න ලැබෙන්නේ නැහැ මින් පෙර නොවූ විරූ දේවල් බවට ඒ සිද්ධි පත්වෙලා තියෙනවා.

චීනය විතරක් නෙමෙයි අද මුළු ලෝකයම අනාරක්ෂිතයි. ජමාල් කෂොගී ට වුණේ මොකක්ද බලන්න, විනාඩි 7ක් වගේ කෙටි කාලයක් ඇතුළත ශිෂ්ටත්වයට වඩා ම්ලේච්ඡකම රජ වුණා. අද චීනේ හැමදිනයක් පාසාම සිද්ධවෙන්නේ මේකයි. 1989 දී ටියැන්මන් චතුරස්‍රයේදී සිද්ධ වුණු දේ නිකං අමතක කරලා දාන්න පුළුවන්ද ?. අද චීන ආර්ථිකය පුළුල් වෙද්දි හිතෙන කාරණේ තමයි මේක බටහිර විදියටම වර්ධනය වුණත් ඒක දැඩි විනාශයක් ඇතිකරවන තත්ත්වයට පත්වේවි යන්නයි. චීනය සෞභාග්‍යයේ කිරුළ පැළඳගත්තත් එය අන් කවරදාකවත් නොතිබුණු අන්දමේ කුරිරු තත්ත්වයකට පත්වේවි. අන්තගාමී ඒකාධිපතිවාදය වගේම අන්තවාදී ප්‍රාග්ධනවාදයේ කුඩුකේඩුකම් වලින් පිරුණු මේ සහසම්බන්ධය ලෝකේ අනෙක් රටවලටත් එන්නත් කරලා තියෙනවා‘‘

lankaflix

fox final 0728 mirror