90 දශකයේ ආසියානු සිනමාව

90 දශකයේ ආසියානු සිනමාව

හොලිවුඞ් සිනමාව යන හඳුණාගැනීම තුල ඇත්තේ බලවත් හැගීමකි- එය අපේ මානසිකත්වයට පවා කරන්නේ විශාල බලපෑමකි-

හොලිවුඞ් යනු සිනමා අධිරාජ්‍යයකි- ඊට සම කල හැකි දෙයක් නැත- එබඳු ආකාරයේ සිතුවිලි පවා ඒ නිසා අප තුල ඇති නොවෙනවා නොවේ- එසේ බලන කල හොලිවුඞ් යනු ජගත් සිනමා අධිපතිවාදයක් යැයි කීමට පවා කෙනෙකු ඉදිරිපත්වීමට පුලූවන.

එසේ වුව 90 දශකයත් සමග ම හොලිවුඞ් සිනමාව එතෙක් තමන් තබාගෙන සිටියා වු එකී අධිපතිවාදයට එල්ල වූ බලපෑම ද සුලූවෙන් තැකිය නොහැකි වේ- ඒ අනෙකක් නිසා නොව ආසියානු සිනමාව එකී දශකය තුල ජගත් සිනමා ක්ෂේත‍්‍රයට ඇති කලා වූ බලපෑම නිසා ම වේ- ඒ අනුව ආසියානු සිනමාව 90 දශකය වන විට හොලිවුඩි සිනමාවට දැනෙන සුලූ බලපෑමක් කිරීමට පටන්ගෙන තිබිණ- මෙහි කැපී පෙනෙන විශේෂත්වයක් වුයේ බටහිර විචාරකයින් පවා ඒ සම්බන්්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කිරීමට දැක්වූ කැමැත්තයි-

නිදර්ශණයක් ලෙස පසුගිය දශකය පුරා ජර්මනිය තුල ප‍්‍රදර්ශණය කෙරුණ ආසියාවේ සිනමා කෘති දෙස මෙන්ම ඒවා සිනමා කෘති වශයෙන් ලද පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර දෙස බලන විට ආසියාන සිනමාවේ නැගීම මැනැවින් පැහැදිලි වේ- ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවන් පෙන්වා දෙන්නේ ඒ සෑම සිනමා කෘතියකින්ම වාගේ ප‍්‍රකාශයට පත්වන ඔවුන්ට අනන්‍ය සංස්කෘතික ලක්ෂණ සාමාන්‍යයෙන් බටහිර සිනමාව තුල දැකිය නොහැකි තත්වයක් ඇති බව යි- ඉනුත් ඉන්දියානු සහ ජපන් සිනමාව විශිෂ්්ට තලයක පවතී- එහෙත් පිලිපීන සහ ඉන්දුනීසියානු සිනමා කෘති එහිලා නියෝජනය නොවු බවත් ආසියානු නොවන එමෙන්ම බටහිර හොලිවුඞ් සිනමාව තුල ද නොපවතින අප‍්‍රිකානු සහ ලතින් ඇමරිකන් සිනමා කෘතිවලට ද විශේෂයෙන්ම ජර්මන් වෙළඳපොල තුල හොඳ නියෝජනයක් අත් කරගෙන සිටි බවක් ද වාර්තා වේ-

90 දශකය තුල ආසියානු සිනමාවේ මේ නව ප‍්‍රබෝධය ගැන ඇතැම් ලේඛකයෙකු හඳුන්වා දී තිබුණේ ’’ඒ වනාහි අලූතෙන් ගත් හුස්මක්’’ වශයෙනි- විශේෂයෙන්ම චීනයේ චෙං කායි ගි සහ ෂැං යි මෝ සිය සිනමා ශෛලියෙන් 90 දශකය ද ඔපවත් කරමින් ජගත් සිනමාවට සුලූපටු නොවන බලපෑමක් එල්ල කොට ඇතැයි යන්න ඒ සම්බන්ධයෙන් අදහස් පල කලා වු විචාරකයින්ගේ මතය යි- මෙතෙක් ජගත් සිනමාවේ කිරුලූ පැලැඳ සිටියා වු මෙරසිල් ස්ටි‍්‍රප් මෙන්ම ඉසබෙල්ලා අඞ්ජානි වැනි නිලි තරු ප‍්‍රතිරූප අතරට ඔවුන් හා සම අසුන් ගැනීමට හැකි ආකාරයෙන් ’’ගොන්ග් ලී’’ නම් චීන නිළියගේ නැගී ඒම ගැන විචාරකයින් උනන්දුවකින් මෙන්ම ආස්වාදයකින් කතා කොට තිබුණි- විශේෂයෙන්ම ජර්මානු විචාරකයින් චීන සිනමාව ගැන දක්වා ඇති උනන්දුව කැපී පෙනෙන තත්වයක් වේ- ඔවුන්ට අනුව ආසියානු සිනමාවේ කැපී පෙනෙන ඉස්මතු වීම දැකිය හැක්කේ චීනයෙනි- ඊට සාපේක්ව හොං කොං සහ තායිවානය ද සිටින්නේ බලාපොරොත්තු ඇති කරගත හැකි තැනක ය-

ඉහතදීත් පෙන්වා දුන් ආකාරයට ජපන් හා ඉන්දියානු සිනමාව සිය සංස්කෘතික උරුමය සිනමා ප‍්‍රකාශනයක් ලෙසින් ඇති කරගෙන තිබෙන්නා වූ වඩාත් කැපී පෙනෙන තත්වය ගැන සිය අවධානය ලිහිල් නොකරගත් විචාරක අවධානයක් ද ඒ හා සමානවම දැකිය හැකි වේ- කෙසේ වුව චීන චිත‍්‍රපට අතර වූ  HONG GAOLIANG -THE RED CORN FIELD යන සිනමා නිර්මාණ විශේෂයෙන්ම ජර්මානු විචාරකයින් චීන සිනමාව කෙරෙහි දක්වා ඇති විශේෂ උනන්දුව නගා සිටුවන්නට හේතු වී ඇතැයි සිතන්නට පුලූවන්කමක් තිබේ- වඩාත් හොඳ දෘශ්‍ය ප‍්‍රතිභාවක් ඉන් ප‍්‍රකාශයට පත් වී ඇතැයි ඔවුන් පෙන්වා දී තිබේ- කිසියම් ආකාරයක ආවේගශීලී කතා පුවතක් රාගාන්විත ලෙසකින් ඉදිරිපත් කිරීමට ඒ දෘශ්‍යමය සංස්කරණයන් ඉවහල් කරගෙන ඇති උසස් ආකාරය ද එකී කෘති විමසීමෙන් දත හැකි යයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති-

කෙසේ වුව පොදුවේ ගත් කල ආසියානු සිනමාකරුවන් තමන් විෂයෙහි බැඳීම් නැති බවක් එසේ නැත්නම් මනා වු නිදහස්වාදී බවක් පවත්වාගෙන ඇති ආකාරය පහසුවෙන් දැකිය හැකි තත්වයක් වේ- ඊට අදාලව ඔවුන්ගේ ප‍්‍රකාශණ භාවිතාව ද ඉතා සියුම් ය- ඒ අනුව සිය නිදස්වාදී ඒ හැසිරීම ඔවුන් සිය සිනමා කෘති තුලින් මැනැවින් ප‍්‍රකාශ කොට තිබේ-

චීන සිනමාකරු චෙන් කායි ගි ඉතා ඉක්මනින්ම ජර්මානු විචාරකයින් මතු නොව පේ‍්‍රක්ෂකයින්ව ද තමන් වෙතට යොමු කරගත් ආකාරයක් ඒ අතරම දැකිය හැකි ය- එයට වඩාත් හේතු වන්නේ ඉමහත් ආන්දෝලනයක් ද ඇති කලා වු ඔහුගේ FAREWELL TO MY CONCUBINE

නම් චිත‍්‍රපටයයි- එය ප‍්‍රබල කතා පුවතක් යැයි කතාබහක් ද ඇති කල අතර කෑන්ස් සිනමා උලෙලට ඉදිරිපත් කරන ලදුව ජයග‍්‍රාහි තත්වයකින් ද පිදුම් ලැබීය- මුහුණුවර ගණනාවකින් ඉදිරිපත් වන්නා වූ එකී කෘතිය අතිශයින්ම රාගාන්විත ඉදිරිපත් කිරීමක් වන තරමටම විශිෂ්ට අත්දැකීමක් ලෙසින් ගැනීමට ද විචාරකයින් කැමති වූ බවක් දැකිය හැක- තවද එය ජර්මානු පේ‍්‍රක්ෂකයින්ගේ කොතරම් කැමැත්තක් දිනාගත්තේ ද යත් චිත‍්‍රපටය පෙන්වු සෑම පේ‍්‍රක්ෂකාගාරයක්ම අතුරු සිදරු නැතිව ම පේ‍්‍රක්ෂකයින්ගෙන් පිරී ගියේ යැයි වාර්තා වී තිබේ- කෙසේ වෙතත් චීන රජය මේ චිත‍්‍රපටය සම්බන්ධයෙන් ඇති කල වාරණය හේතු කොටගෙන ඊට සංශෝධන ද ඉදිරිපත් කලා වු තත්වයක් දැකිය හැකි වේ-

ඒ කොයි හැටි වුණත් චෙන් කායි ගී මෙන්ම ෂැං යි මෝ ජර්මානු පේ‍්‍රක්ෂකයින් සහ විචාරකයින්ගේ නොමද අවධානයට ලක් වීම ට ඔවුන්ගේ ආකල්පයන්හි පැවැති විවෘත භාවය ද හේතු වී ඇතැයි යන කරුණ ද මෙහිලා කිව යුත්තක්ම වේ- ඒත් සමගම ඔවුන්ගෙන් ප‍්‍රකට වන නිර්මාණාත්මක ප‍්‍රතිභාව ද ඇගයීමට ලක් කරමින් ජර්මානු විචාරකයින් තවදුරටත් පෙන්වා දෙන්නේ මේ තත්වය බටහිර සමාජයට ද පුර්වාදර්ශයක් විය යුතු බව යි-

දකුණු කොරියානු සහ සිනමාව ද මෙහිදි අවධානයක් දිනු ආසියානු සිනමා කෘති අතර වේ- විශේෂයෙන්ම ’’හරිත පැහැ ගස්ලබු සුවඳ’’ නම් වියට්නාම සිනමා කෘතිය මෙහිදී නොමද අවධානයට ලක් වූවක් ම විය- ත‍්‍රාන් අන් හ්යුං නම් වියට්නාම අධ්‍යක්ෂවරයා මෙය නිර්මාණය කොට ඇත්තේ ප‍්‍රංශයේ සිට යැයි දැනගන්නට තිබේ- 1993 දී පැවැත්වුණු කෑන්ස් සිනමා උාලලේ ආරම්භක චිත‍්‍රපටය වශයෙන් තෝරාගෙන තිබුණේ ද මෙයයි-මේ අතර දකුණු කොරියානු චිත‍්‍රපටයක් වු ’’විස්සෝප මාතා’‘ චිත‍්‍රපටයත් එය නිර්මාණය කලා වූ අයීම් කවන් යන අයත් මෙකී සිනමා උලෙලේ දී වෙසෙස් අවධානයක් දිනානෙ තිබේ-

ලතින් ඇමරිකානු සිනමාව සම්බන්ධයෙන් ද අදහස් පල වූ එහිදී එය හඳුන්වා දී තිබුණේ ‘‘ යුරෝපා -ආසියා ඥාතීත්වයක් ගොඩ නැගීමට සමත් වී ඇත‘‘ යන ආකාරයෙනි- ඔවුන් අතර ‘‘ද ලිට්ල් බුද්ධා’’ තැනු බර්නාඩො බර්ටො ලූසී මෙන්ම ‘‘හෙවන් ඇන්ඞ් අර්ත්‘‘ නිර්මාණයට උපත දුන් ඔලිවර් ස්ටෝන් ගැන විශේෂයෙන්ම කතාබහක් ඇති වී තිබේ-

ත්‍කසේ වව ආසියානු සිනමාව මේ ආකාරයෙන් යුරෝපීය විචාරකයින්ගේ අවධානයට ලක් වන්නේ ඔවුන් වෙතින් වහනය වු යුරෝපියයන් හඳුණා නොගත් නො එසේ නම් ආසියාවට අදාල වූ එහෙත් බොහා් සෙයින් දුරස්ත වු අත්දැකීම් මෙන්ම නිර්මාණාත්මක ශෛලීන් එකී චිත‍්‍රපට තුලින් දැකීමට පුලූවන් වූ නිසා බව පැහැදිලි වේ- ඔවුන්ගේ ඒ ශෛලීන් මෙන්ම ප‍්‍රකාඔනය හා බැඳුන සංස්කෘතික කියවීම යුරෝපියයන් හමුවේ ඇති කොට තිබුණේ අභියෝගාත්මක තත්වයක් යැයි කිව හැකි තරමි විය- තවද එය බටහිර සිනමාකරුවන්ට හුදෙක් සිය ආර්ථික හා තාක්ෂණ හැකියාවන්ගෙන් දිනාගත නොහැකි තත්වයක් ද වූයේය යන්නත් ඇත්තක් වේ- පොදුවේ ගත් කල ආසියානු සිනමාව තුලින් මතු වු රංග කලාවේ නාටකීය බවක් ගත් ශෛලිගතමය මුසු වීම ද යුරෝපයට ආගන්තුක බවක් මතු නොව ආස්වාදයක් ද ඇති කලාය යන්න බොරුවක් නොවේ- විශේෂයෙන්ම ‘‘ෆෙයාවෙල් මයි කොන්ක්‍යුබයින්‘‘ තුලින් මතු වී තිබු සාම්ප‍්‍රදායික චීන කලාවේ අලංකාරය (නිදර්ශන- චීන ඔපෙරාව හා බැඳුණු විභූතිමත් ප‍්‍රකාශනය* ඔවුන්ව මෝහනීය ආනන්දයක් කරා ගෙනගිය ආකාරයක් දැකිය හැකි විය- තමන් ලද ඒ ආස්වාදය තුල මෝහනීය බවක් ඇති බවක් දැන දැනම වුවත් ඊට සීමාවන් පනවා ගැනීමට ඔවුහු අකමැති ද වූහ- ඒත් සමගම 90 දශකයේ ආසියාන සිනමාකරුවෝ ඇතැම් විට ඔවුන් බලාපොරොත්තු නොවු ආකාරයේ ස්ථානගතවීමක් යුරෝපා පේ‍්‍රක්ෂකාගාර තුල දී 90 දශකයේ දි ලබා ගත්හ-

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

lankaflix

fox final 0728 mirror