යක්කු වගේ පොඩිඋන් ටිකක් හිටපු ඉස්කෝලයක්

යක්කු වගේ පොඩිඋන් ටිකක් හිටපු ඉස්කෝලයක්

ජිවිතේ සමහර හීන කාලාන්තරයක් තිස්සේ හිතේ තියනවා උනත් සමහර හීන ජිවිතේට එන්නේ අහම්බයකින්. ජිවිතේ කවදාවත් බලාපොරොත්තු නොවුනු සිහින දැකල ඒ හීන හැබෑකරගත්ත පොඩිඑවුන්ගේ කතාවක් ගැනයි මේ තොරතුර.

“ඉරණමට පයින් ගැසූ පොඩ්ඩන්ගේ කතාව” කියලයි චිත්‍රපටයේ තේමා පාඨයෙන් කියවෙන්නේ. අතිශය දුෂ්කර දරිද්‍ර දෙමාපියන්ගේ දරුවන් පිරිසක් ඉන්න පුංචි ඉස්කෝලෙකට අහම්බෙකින් මාරුවීමක් ලැබිල එන ගුරුවරයෙක් නිසා මේ දරුවන්ගේ ජිවිත උඩු යටිකුරු වන ආකාරය මේ කතාවෙන් කියවෙනවා. මේ දිනවල දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කෙරෙන Goal චිත්‍රපටය ගැනයි මේ තොරතුරු.

රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කළ Goal චිත්‍රපටය නිෂ්පාදනය කලේ M – Entertainment ආයතනය. විධායක නිෂ්පාදනය සුසාර දිනාල්ගෙන්. ශ්‍රී ලාංකේය වේදිකා සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජයලත් මනෝරත්න මෙහි ප්‍රධාන කතානායකයා ලෙස රංගනයේ යෙදෙනවා. චාන්දනී සෙනවිරත්න, අනුලා බුලත්සිංහල, කෞශල්‍යා ප්‍රනාන්දු, නයනා හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් මෙන්ඩිස් වැනි ප්‍රවීනයන් මෙහි රංගනයෙන් දායක වනවා. ඒ අතර අපූරු රංගනයෙන් දායක වන දරුවන් පිරිසක් චිත්‍රපටය හැඩ කරනවා.

සුරේෂ් මාලියද්දගේ මියුරු සංගීතය චිත්‍රපටයට අපූරු රිද්මයක් එක් කරනවා. කැමරා අධ්‍යක්ෂවරයා වුනේ පාලිත පෙරේරා. අජිත් රාමනායක මෙම චිත්‍රපටයේ සංස්කරණය සිදුකළා. ඉරණමට පයින් ගැසූ පොඩ්ඩන්ගේ කතාව දරුවන්ට අපූරු අත්දැකීමක් එක කරන චිත්‍රපටයක් වේවි. පාසල් නිවාඩුව ළඟ ලඟම එන නිසා දරුවන්ට විවේකිව කාලය ගෙවන්නත් ලැබෙනවා. ඒ විවේකි සැහැල්ලු නිවාඩු කාලයේ ජිවිතේ දිහා වෙනස් විදිහකට බලන්න, ඉලක්ක හඹායන්න පන්නරයක් ලබාදෙන මේ අපූරු සිනමාපටය නැරඹීමට ඔවුන්ට අවස්ථාවක් ලබාදීම වැඩිහිටියන් ඔවුන් වෙනුවෙන් කරන ආයෝජනයක් වෙන්නත් පුළුවන්.

 

lankaflix

fox final 0728 mirror