සාර්ථක රඟපෑම් ලබාගැනීමේදී මං සාහසික වුණා.-ප්‍රසන්න විතානගේ

සාර්ථක රඟපෑම් ලබාගැනීමේදී මං සාහසික වුණා.-ප්‍රසන්න විතානගේ

ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂ ප්‍රසන්න විතානගේ මහතා සිය සිනමා භාවිතාවේදී රංගන ශිල්පින්ගේ දායකත්වය ලබා ගැනීමේදී ඉතා සාහසික අයුරින් එම කාර්යය සිදු කළ සදහන් කරනවා. ප්‍රස්සන විතානගේ මහතා දැක්වූ අදහස් පහතින්...

නළු නිළියන්ගෙන් සාර්ථක චරිත නිරූපණයක් ලබාගැනීමේදී මං බොහෝවිට සාහසික වුණා. එහිදී මං ඔවුන්ගේ ජීවිත ඇතුළේ මතක ගබඩාවන් හාරා අවුස්සනවා.

‘සිසිල ගිනි ගනී‘ චිත්‍රපටයේ එක් දර්ශනයක් රූපගත කරන්න ගිය අවස්ථාවේදී මට අවශ්‍ය රංගනය ලබා ගැනීම සඳහා උපක්‍රමශීලී ලෙස සියලුම ශිල්පීන් දර්ශන තලයෙන් ඉවත් කොට සබීතාට ලංවී අතීතයේ ඇයට විඳින්නට සිදුවූ මානසික පීඩාවක් ගැන හාරා ඇවිස්සුවා. එවිට ඇය තමන් අතීතයේ අත්විඳි ඒ පීඩාව ඇගේ මුහුණේ සටහන් වුණා. ඉන්පසු මං රූපගතකිරීම් ආරම්භ කළා. ඇය තම මතක ගබඩාව තුළ තිබූ අර පීඩාව පරිකල්පනීය අවස්ථාවක් ලෙස මනාව නිරූපණය කළා.

‘පවුරු වළලු‘ චිත්‍රපටයේදී නීටා ප්‍රනාන්දු තුළින් වයලට් මතු කරගැනීම සඳහා ඇයට බාහිර විධානයන් දෙන්න සිදුවුණා. ඇයට උස් හඩින් කතා කරන්න සිදුවුණා. ඇගේ සමස්ථ රංගනය මතුවුණේ එබඳු අවස්ථාවලයි. අන්තිම්දී නීටා ඇයට සැරෙන් විධාන දෙන්නට මට අනුබල දුන්නා.

-ප්‍රසන්න විතානගේ

lankaflix

fox final 0728 mirror