සිංගප්පූරු සිනමාපටයක් සහ සංවාදයක් භූපති සමග

සිංගප්පූරු සිනමාපටයක් සහ සංවාදයක් භූපති සමග

සිංගප්පූරු සිනමාපටයක අත්දැකීම විඳගැනීමට ලැබෙන අපුරු අවස්ථාවක් ගැන තොරතුරු ලැබෙනවා. වැඩසටහන සංවිධාන කෙරෙන්නේ සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ කළා අනුකමිටුව විසින්.

“හිරුටත් කලින් ඇහැරෙන්න 2018” දෘශ්‍ය හා ප්‍රාසාංගික කලා උළෙලට සමගාමිව මෙම වැඩසටහන සංවිධාන කෙරෙනවා. ජූලි මස 25 වැනි බදාදා දිනයේ සවස 3ට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය දෘශ්‍ය කලාපීට ශ්‍රවණාගාරයේදී මෙම සිනමා දැක්ම සහ සංවාද මණ්ඩපය පැවැත්වෙනු ඇති. සිනමාපටය ප්‍රදර්ශනයෙන් පසුව සංවාද මණ්ඩපයක් පැවැත්වීමට සංවිධායකයින් අපේක්ෂා කරනවා. භූපති නලින් වික්‍රමගේ මේ සිනමා සංවාදය සඳහා සහභාගී වීමට නියමිතයි.

sing 2

සිංගප්පූරු සිනමාව අපට එතරම්ම සමීප අත්දැකීමක් නොවෙයි. 2013 වසරේ සිංගප්පූරුවේ නිර්මාණය කෙරුනු සම්භාව්‍ය චිත්‍රපටයක් වන ILO ILO මෙවර ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබෙනවා. වීදුරු නිෂ්පාදනය කරන සමාගමක අළෙවිකරුවකු ලෙස සේවය කරන මධ්‍යම පාන්තික පිරිමියෙක් සහ පෞද්ගලික සමාගමක ලේකම්වරියක ලෙස සේවයන කරන ඔහුගේ බිරිඳත් 10 හැවිරිදි පුත්‍රයාත් මෙම චිත්‍රපටය ගොඩනැගීමට භාවිතා කොට තිබෙනවා. මේ පවුලේ බිරිඳ නැවත ගැබ් ගැනීමත් සමග නිවසේ සහයට පිලිපනයෙන් සංක්‍රමණය වන Teresa නම් නැනී කෙනෙකු ගෙන්වා ගැනීමට මෙම පවුල තීරණය කරනවා. මේ සිව්දෙනා වටා චිත්‍රපටයේ කතාව ගොඩනැගී තිබෙනවා.

Anthony Chen අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට Chen Tianwen, Yeo Yann Yann, සහ Angeli Bayani රංගනයෙන් දායක වනවා. ළමා නළුවා ලෙස Koh Jia Ler චිත්‍රපටයට දායකවී තිබෙනවා. විනාඩි 99ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටය ලෝකයේ විවිධ සිනමා උළෙල වලදී තිරගත කොට තිබෙනවා. 86 වැනි ඇකඩමි සම්මාන උළෙලේ “හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය” යන කාණ්ඩය යටතේ සිංගප්පුරුව නියෝජනය කිරීමට මෙම චිත්‍රපටය සමත් වුනා. ජූලි 25 වැනිදා සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයේදී මෙම සිනමාපටය රසවිඳීමට අවස්ථාව උදාවී තිබෙනවා.

 

lankaflix

fox final 0728 mirror