සිවදාසන්ගේ අලුත්ම එක “දෙවැනි යුද්ධය”

සිවදාසන්ගේ අලුත්ම එක “දෙවැනි යුද්ධය”

මෙරට සිනමාවේ ආදායම් වාර්තා තැබූ ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ වී. සිවදාසන්ගේ නවතම සිනමාපටය “දෙවැනි යුද්ධය” යි. ටු චේස් අ කෘකඩ් ෂැඩෝ යන ඉංග්‍රීසි නවකතාවක් ඇසුරින් මෙම සිනමාපටය නිම කෙරේ.

පුබුදු චතුරංග, ජයලත් මනෝරත්න, දිල්හානි අශෝකමාලා, තුෂිණි ප්‍රනාන්දු, උදාරි වර්ණකුලසූරිය, සරත් කොතලාවල, රුක්ෂානා දිසානායක, අනුර වරාගොඩ, කීත් රංග, බුද්ධික ජයරත්න, සාගරිකා ධර්මපාල සහ එස්. අයි සමරක්කොඩි මේ සඳහා රංගන දායකත්වය සපයති.

සම අධ්‍යක්ෂණය කීර්ති රුවන් ලාල්සන්, දෙවැනි සහාය අධ්‍යක්ෂණය භාග්‍යා ලියනගේ, කැමරාකරණය සුජිත් නිශාන්ත,තිර රචනය බර්නාඩ් ජයතුංග, කලා අධ්‍යක්ෂණය රොහාන් සමරදිවාකර, වේශ නිරූපණයෙන් අනුර ජයසේකර ද, රංග වස්ත්‍රාභරණ දිනේෂ් ජයශාන්ත, සංගීතය උදයන් වික්ටර්, නිෂ්පාදන විධායක සරත් විජේසේකර, නිෂ්පාදන කළමනාකරණය සිනිල් ජයදේව විසිනි.

සුබුද්ධි ලක්මාලි,පුර්ණ සචින්ත,කල්පනා කාවින්දි  ගීත ගායනයෙන් දායක වේ. දෙවැනි යුද්ධය සිවදාසන් ගේ පුත් රජිව් සිවදාසන් නිෂ්පාදනයකි.

දෙවැනි යුද්ධය සිනමාවට නැංවීමේ අදහස මින් වසර 8 කට පමණ පෙර සිට අධ්‍යක්ෂවරයාගේ සිතට පැමිණ තිබුණත් නිෂ්පාදනය සම්බන්ධ යම් යම් ගැටළු නිසා එය කල් ගොස් තිබුණි.

ඡායාරූප - චලන චන්ද්‍රසේන රොද්‍රිගෝ

lankaflix

fox final 0728 mirror