රටේ ප්‍රශ්න නොදන්න අය ගොන් ආතල් ගත්තා

රටේ ප්‍රශ්න නොදන්න අය ගොන් ආතල් ගත්තා

කූඹියෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නව නම් මේ දිනවල නොදන්න කෙනෙක් නැහැ. ඉතිං ලක්මාල් පසුගියදා සිද්ධ වුණු සමාජ මාධ්‍ය ජාල අවහිරය ගැන නම් ඔහු කිව්වේ මෙහෙම කතාවක්.

“නිර්මාණයට සහ ප්‍රේක්ෂකයාට ඍජු ගනුදෙනුවක් කරන්න ප්ලැට්ෆෝම් එකක් හැදුණු මුල්ම අවස්ථාව කූඹියෝ නිර්මාණයයි. මීට කලින් එහෙම තැනක් තිබුණේ නෑ. සෝෂල් මීඩියා අපිට එහෙම මුණගැහෙන්න ප්ලැට්ෆෝම් එකක් හදලා දුන්නා. මේ තහනමත් එක්ක ඒ ෆ්ලැට්ෆෝම් එක කැඩුණා. නමුත් අපේ රටවල්වල සෝෂල් මීඩියා භාවිත කිරීමේ විනය තුළ සමාජ ප්‍රශ්නයකදී හැසිරැණු විදිහ හරිම දුර්වලයි.”

“පහුගිය දිනවල සිදුවුණු සිදුවීමේ දී පිටරටවල්වල ඉඳගෙන මේ රටේ ප්‍රශ්නය ගැන කිසිමදෙයක් දන්නෙ නැතිව සෝෂල් මීඩියා හරහා ලොකු ආතල් එකක් ගත්තා. ඒ වගේ වෙලාවකදී මිනිසුන්ගේ ජීවිත සහ දේපල එක්ක ඩේටා කාඩ් එකක් දාගෙන සෙල්ලම් කරන්න දෙන්න බෑනෙ. මේකෙ දේශපාලන අර්ථය කුමක් වුණත් මෙහෙම ප්ලෑන් කරපු එකෙන් අපේ නාට්‍ය පැත්තෙන් ගත්තත්, අපේ අනිකුත් කටයුතු පැත්තෙන් ගත්තත් බලපෑමක් තියෙනවා. නමුත් මේ වගේ සමාජ ජාලා පාවිච්චි කරනවානම් අවම වශයෙන් අඩුම තරමේ අපි අපිම පොඩි රේඛාවල් ටිකක් හදාගන්න ඕනෙ. ඒ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක ඇතුළේ තමන්ගේ පරිමාව මොකක්ද කියලා තමන් තේරැම් ගත්තොත් මේ ප්‍රශ්නය දුරදිග යන්නෙ නෑ. දැන් මේ තත්ත්වය නතර කළා හොඳටම ඇති. නමුත් සමාජ වෙබ්අඩවි ඔස්සේ අපේ සීමාව ලකුණු කරගැනීමට මේක හොඳ අවස්ථාවක් වෙනවා.”

lankaflix

fox final 0728 mirror