ජනවාරියේ තිරගත වූ චිත්‍රපට සියල්ලම අසාර්ථකයි

ජනවාරියේ තිරගත වූ චිත්‍රපට සියල්ලම අසාර්ථකයි

සංජය ලීලා බන්සාලි නිර්මාණය කළ ‘පද්මාවත්’ චිත්‍රපටය හැරෙන්නට ජනවාරියේ තිරගත වූ සියලු බොලිවුඩ් චිත්‍රපට අසාර්ථක වී තිබෙන බව ‘කෝයි මෝයි’ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

මේ වන විට ලොවපුරා අති සාර්ථකව තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 200කට වැඩි මුදලක් උපයා ගන්නට ‘පද්මාවති’ චිත්‍රපටය සමත්ව තිබෙන අතර, ජනවාරියේ තිරගත වූ අනෙකුත් චිත්‍රපට වලට ඉන්දීය රුපියල් කෝටි 20ක සීමාව ඉක්මවා යන්නට නොහැකි වි ඇත.

ජනවාරියේ තිරගත වූ පළමු චිත්‍රපටය වූයේ අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කළ ‘මුකාබාස්’ චිත්‍රපටයයි. එය ඉන්දීය රුපියල් කෝටි 10ක්ද, ශරිනි ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළ ‘1921’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 15ක්ද, සායිෆ් අලී ඛාන්ගේ ‘කාලාකන්දි’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 7.5ක්ද උපයා ගැනීමට සමත් විය. එහෙත්, එම උපයා ගැනීම චිත්‍රපටය නිෂ්පාදන කළ මුදලටද වඩා අඩු මුදලක් බව සඳහන් වේ.

(උපුටාගැනීම සාරවිට)

lankaflix

fox final 0728 mirror