ෆේස්‌බුක්‌ දත්ත පිටතට ලබා දීමේ පලහිලව්ව

ෆේස්‌බුක්‌ දත්ත පිටතට ලබා දීමේ පලහිලව්ව

පෑනේ මිතුරන් ලෙසින් අතීතයේ පැවැති සමාජ සම්බන්ධතාවයට මනාව ආදේශකය වූ මුහුනු පොත හෙවත් ඔබට ඉතා හොඳින් හුරු පුරුදු facebook නිර්මාතෘවරයා මාක්‌ සකර්බර්ග්ය.

ඔහු විද්යුත් සන්නිවේදන ජාලය උඩු යටිකුරු කළේය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එක්‌කොට සම්බන්ධ කරමින් විශ්ව ජාලයක්‌ ගොඩනැඟීම සඳහා මාක්‌ සකර්බර්ග් වෙනුවෙන් සහයෝගය දක්‌වන ලද්දේ ඔහුගේ නේවාසිකාගාර මිතුරන් වූ ඇන්ඩෘ මැක්‌කොලම්, ක්‍රිස්‌ හියුස්‌ සහ ඩස්‌ටින් මොස්‌කොවිට්‌ස්‌ය. පළමු පැය 24 තුළ 1500 ක්‌ පමණ දෙනා මෙහි ලියාපදිංචිය ලබා ගත්හ. ඒ අතර හාව_ඩ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන් වූ කැමරන් වින්කල්වොස්‌, ටයිලර් වින්කල්වොස්‌ සහ දිව්‍යා නරේන්ද්‍ර යන පිරිස මාක්‌ සකර්බර්ග් විසින් ඔවුන් විසින් නිර්මාණය කරන ලද HarvardConnection.com වෙබ් අඩවිය සොරකම් කරන ලදැයි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ බවට තවත් චෝදනාවක්‌ ගොඩනැගුණි. ඊට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ නඩු පවරන ලදී. ආචාර ධර්ම කඩකිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යභාවය පවා අවලංගු කිරීමට තීන්දු විය. පසුව මෙම චෝදනාවන්ගෙන් මාක්‌ සකර්බර්ග් නිදොස්‌ කොට නිදහස්‌ විය. ඒ සමගම මෙම අභියෝග ඉදිරියේ ඔහු ආපස්‌සට හැරුනේ නැත. එතැනින් නැවත නැගී සිටින්නට ධෛර්ය උපයා ගත්තේය.

එහෙත්.. ෆේස්‌බුක්‌ සමාගම මගින් තම පරිශීලකයන්ගේ දත්ත පිළිබඳව ආරක්‍ෂාවක්‌ ලබා නොදෙන බව මුලින්ම පෙන්වා දෙන ලද්දේ ''ගාර්ඩියන්'' සහ ''නිව්යෝක්‌ ටයිම්ස්‌'' පුවත්පතයි. බ්‍රිතාන්‍යයේ චැනල් 4 මගින් මේ බව නිවේදනය කළ අතර මේ වෙනුවෙන් ෆේස්‌බුක්‌ නිර්මාතෘ මාක්‌ සකර්බර්ග් වෙත චෝදනා ගොඩනැගෙන්නට විය. 'Cambridge Analytica' නැමැති සමාගමක්‌ විසින් එක්‌රැස්‌ කරන ලද දත්ත සම්බන්ධයෙන් මෙම චෝදනාව ගොඩ නැගී තිබුණි.

මෙම තොරතුරු එක්‌රැස්‌ කර ඇත්තේ  'Cambridge Analytica' සමාගමට සම්බන්ධ සමාගමක්‌ විසින් නිර්මාණය කළ විසින් එක්‌රැස්‌ කරන ලද දත්ත සමාගමක්‌ විසින් නිර්මාණය කරන ලද දුරකථන යෙදවුමක්‌ (Mobile App)) සඳහාය. මෙම තොරතුරු 2016 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් උපකාර වන සේ යොදා ගෙන ඇත. 2014 වසරේ පටන් ආරම්භ වුණ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකානු ජනාධිපතිවරඛ කටයුතු 2016 වසරේ සිදු වුණ අතර එම මැතිවරණ කටයුතු සිදු වූයේ බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ''කේම්බ්‍රිඡ් ඇන්ලිටිකා'' උපදේශක සභාව මගින්ය. එහිදී මිලියන 50 කගේ තොරතුරු භාවිත කරමින් ඇමරිකානු ජනාධිපතිවරණය පැවති අතර එහි ප්‍රතිඵල වෙනුවෙන් වූ රුසියානු බලපෑමක්‌ සිද්ධ වුණ බවයි. මිලියන පණහක පමණ දෙනාගේ පරිශීලන දත්ත අවභාවිතය වෙනුවෙන් වූ චෝදනාවන්ට පිළිතුරු දීම වෙනුවෙන් ඔහු විශේෂිත කොන්ග්‍රස්‌ මණ්‌ඩල විමර්ශන කමිටුවක්‌ ඉදිරියේ පෙනී සිටි අතර එය අධිකරණ, වාණිජ හා තොරතුරු යන ත්‍රිත්වයෙන් යුක්‌ත විය. ෆේස්‌බුක්‌ සමාජජාලය නිර්මාණය කළත් එහිදී පරිශීලකයන්ගේ දත්ත ආරක්‌ෂා කිරීමට නොහැකි නම් ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට දැන් කාලය එළැඹ ඇතැයි ෙµdලරිඩාවේ සෙනෙට්‌ සභික ''බිල් නෙල්සන්'' සඳහන් කළේය. ඩිමොක්‌ක්‍රටික්‌ පාක්‌ෂික බිල් වාණිජ කමිටුව නියෝජනය කළ අතර ඔහු මෙම කමිටුවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා විය.

පරිශීලකයන්ගේ දත්ත අවභාවිත වූ බව තමා පිළිගන්නා බවත් ඉදිරියේදී එවන් තත්ත්වයක්‌ ඇති වීම මගහැරවීමට කටයුතු කරන බවත් මාක්‌ දන්වා සිටියේය. රුසියානු පරිගණක විශේෂඥයන්ගෙන් එල්ල වෙන බලපෑම් ඉදිරියේ ඒ වෙනුවෙන් වූ මුහුණ දීමට තමාගේ පරිගණක තාක්‌ෂණ විශේෂඥයන්ට දැන් අභියෝගයක්‌ වී ඇති බවත් මාක්‌ සකර්බර්ග් විසින් සඳහන් කරන ලදී. මේ අතර දත්ත ආරක්‌ෂා කර ගැනීම වෙනුවෙන් වූ විකල්ප කීපයක්‌ද මාක්‌ සකර්බර්ග් විසින් පෙන්වා දෙන ලදී.

ඔබේ ෆේස්‌ බුක්‌ ගිණුම ආරක්‌ෂා කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග

ඔබේ ෆේස්‌බුක්‌ ගිණුම භාවිතයෙන් පිවිසිය හැකි දුරකථන යෙදුම් පිළිබඳව සැලකිලිමත් වෙන්න.

වෙළෙඳ ප්‍රචාරන සීමා කිරීමට වැනි යෙදවුමක්‌ භාවිතා කරන්න.

ඔබේ ෆේස්‌බුක්‌ ගිණුමේ ආරක්‌ෂණ පියවර ගැන සැලකිලිමත්a වෙන්න. වෙනත් පාර්ශවයන්ට ඔබේ තොරතුරු වෙනුවෙන් පිවිසීමට ඇති අවකාශ ගැන විමසිල්ලෙන් කටයුතු කරන්න.

ෆේස්‌බුක්‌ සමාජජාල භාවිත කරන්නන්ගේ දත්ත පිටතට ලබා දීම, රුසියානු නියෝජිතයන්ට ඇමරිකා එක්‌සත් ජනපදයේ ජනාධිපතිවරණයට මැදිහත්වීමට අවස්‌ථාව ලබා දීම පිළිබඳවත් ඔහු සමාව ඉල්ලා සිටියේය. කේම්බ්‍රි- ඇනලිටිකා සමාගම සතුව තවත් දත්ත තිබේ දැයි සොයා බැලීම වෙනුවෙන් ''සෝටෝරස්‌ µs්‍රඩ්බර්ග්'' හි වෝහාරික විගණන නිලධාරීන් වෙත බලය පවරා ඇතැයි ද මාක්‌ සකර්බර්ග් මෙහිදී සඳහන් කරන ලදී.

මේ අනුව මෑතකදී වට්‌ස්‌ඇප් මෘදුකාංගයේ නිර්මාතෘ බ්‍රයන් ඇක්‌ටන් සඳහන් කරන්නේ දැන් 'zෆේස්‌බුක්‌'' සමාජජාලය වසා දැමීමට කාලය එළැඹ ඇති බවයි.

බ්‍රයන් ඇක්‌ටන් පසුගිය සැප්තැම්බර් මාසයේදී ෆේස්‌බුක්‌ සමාගමෙන් ඉවත්ව ආරක්‌ෂිත පණිවිඩ මෘදුකාංගයක්‌ වන ''සිග්නල්'' වෙත ඩොලර් මිලියන 50 ක්‌ ආයෝජනය කරන ලදී.

මේ අතර මාක්‌ සකර්බර්ග් දැඩිසේ අසීරුතාවයට පත් වූයේ ඉලිනොයි ජනපදය නියෝජනය කරමින් මෙම කමිටු සංයුතියේ සිටි 73 හැවිරිදි ''ඩික්‌ ඩර්බන්'' ගේ ප්‍රශ්aනය ඉදිරියේය. මේ කමිටුව වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි ඔබ ඊයේ රාත්‍රිය ගත කළ හෝටලය අපිට දැනගන්න පුළුවන්ද... ඒ වගේම අන්තිම කෙටි පණිවිඩය යෑව්වේ කාටද කියලා..

සකර්බර්ග්ගේ නිහැඬියාවෙන් පෙනී ගියේ එම තොරතුරු ලබා දීමට ඔහු අකමැති බවයි. ඔබේ තොරතුරු වෙනත් අයට ලබා දීමට ඔබ අකමැතියි වගේම අනිත් අයත් ඔවුන්ගේ තොරතුරු බාහිර උදවියට ලබා දීමට අකමැතියි. දැන් ඒ බව ඔබට පැහැදිලියි නේද...? ඩික්‌ බර්ඩන් සඳහන් කළේය.

ෆේස්‌බුක්‌ සමාජ ජාලයට එරෙහිව දැඩි හඬක්‌ දැන් නැඟී ඇති අතර ඒ වෙනුවෙන් ඇමරිකාව, යුරෝපා සංගමයේ රටවල් සහ තවත් සංවිධාන රාශියක්‌ එක්‌ව සිටී. ට්‌විටර් සමාජ ජාලය ඔස්‌සේ '' ෆේස්‌බුක්‌ මකා දමන්න'' යනුවෙන් ව්‍යාපාරයක්‌ද දැන් දියත් වෙමින් පවතී. එසේම කේම්බිඡ් ඇනලටිකා සමාගමට ෆේස්‌බුක්‌ පරිශීලකයන්ගේ දත්ත ලබා දුන් තැන පටන් සමාගමේ කොටස්‌ වේගයෙන් කඩා වැටුන අතර සමාගමේ කොටස්‌ වටිනාකමද පහත වැටී ඇත. එහි වටිනාකම ඩොලර් බිලියන 50 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර තිබේ.

පුන්‍යා චාන්දනී ද සිල්වා

lankaflix

fox final 0728 mirror